IMG-LOGO

ආපදාවට ලක්වූවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට පියවර

ගංවතුරින් හා නායයෑම්වලින් පීඩාවට පත් වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා පසු ආපදා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සකසා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද (24) පැවැසීය.

ආපදා තත්ත්වලට පත්ව සිටින පිරිස්වලට කායිකව මෙන්ම මානසිකව පීඩාවට පත්ව සිටින බවත් ඔවුන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා දැනට ආපදා මධ්‍යස්ථානවල සායනික කටයුතු සිදු කෙරෙන බවත් ඉදිරියේදී පසු ආපදා වැඩසටහන් යටතේ තවදුරටත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද වෛද්‍යවරයා පැවැසීය.

‘ගංවතුරෙන් පසු ළිං ක්ලෝරීණිකරණය පිළිබඳ උපදෙස් ලබා දී ඇතැයි ද ඒ සම්බන්ධ තොරතුරු දැක්වෙන පත්‍රිකා ජනතාවට අතට පත් කිරීමට කඩිනම් පියවර ගන්නේ යැයි ද ජාතික රෝහලේ ආපදා සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් කීවේය.

 “ පිරිසුදු කිරීම් සඳහා අවශ්‍ය බ්ලීචින් කුඩු (ඔක්‍ඛ), ක්ලෝරීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත හැකි බවද පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ නැතිනම්, ජලයට ක්ලෝරීන් යොදා විනාඩි 30කට පසු භාවිතයට ගන්නා ලෙසද ක්ලෝරීන් පෙති භාවිතයේදී, ජලය ලීටර පහකට එක් ක්ලෝරීන් පෙත්තක් යොදන ලෙසද ඔහු කීවේය.

‘වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ජලය රැඳෙන තැන් පිරිසුදු කරන්න. ඒ වගේම වැසිකිළිය හොඳින් පිරිසුදු කරගන්න. විසබීජ නාශක යොදාගන්න. අවසානයේදී එක්රැස් කළ කුණු කසල නිසි පිරිදි බැහැර කරන්න. ” යැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් කීය. 



අදහස් (0)

ආපදාවට ලක්වූවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට පියවර

ලංකා Wednesday, 25 May 2016 10:37 AM

මම ඉන්නේ කොටීකාවත්තේ, මේ කියන ආණ්ඩුවේ මැදිහත්වීම තියෙන්නේ මාධ්‍ය වල විතරයි. කුණු ඉවත් කරන්න ක්‍රම වේදයක් යොදල නැහැ. තැන තැන කුණු කඳු පලවෙලා ගඳ ගහනවා. පහුගිය දවස්වල ඡන්ද කැම්පේන් කරපු මනාප එකතු කරපු දේශ භක්ෂකයෝ පේන්නවත් නැහැ. (බ)

:       0       0

දනුක් Wednesday, 25 May 2016 02:35 AM

වැට් බදු සම්පුර්ණයෙන්ම ඉවත් කරලා බස් ගාස්තු, කන බොන දේවල් අඩු කරන්න. බොරුවට මන්ත්‍රී පර්මිට් වලට කෝටි ගණන් වියදම් කරන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site