(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක ඉස්සන් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන ව්‍යාපාරිකයකු බව කියයි.
ආනවිළුන්දාව රැම්සා අභය භුමියට පසුගිය 25 දින සවස මෙම ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් නීති විරෝධිව ඇතුල් වී ඉස්සන් කොටු සැකසීමේ අරමුණීන් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් අක්කර 4කට ආසන්න භුමියක් විනාශ කර ඇති බව කියයි.
මෙම විනාශයට සම්බන්ධ ඩෝසර් යන්ත්‍රය හා එහි ක්‍රියාකරු ආරච්චිකට්ටුව පොලිසිය මගින් ඊයේ (28) සවස අත් අඩංගුවට ගෙන තිබුනී.
ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුගෙන් කල ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
Nishantha Saturday, 29 August 2020 10:04 AM
එතකොට සිංහරාජය විනාශ කරමින් පාරක් කපන අය අත්අඩංගුවට ගන්නේ නැද්ද?
janhitha lankagama Monday, 31 August 2020 03:43 AM
එතන අලුතෙන් කපන පාරක් නැහැ. අපේ ගමට යන පාර සංවර්ධනය කර දෙන්න.. ජනතාවගේ ඉල්ලීම කිසිම ගසක් කපන්නේ නැතිව වැඩිදියුණු කරදෙන ලෙස ඉල්ලන්නේ ජනතාව සහ පරිසර සුන්දරත්වය දකින්න එන සංචාරකයන්.. නමුත් සිංහරාජයේ කොටසක් නිසා ලංකාගම වෙනත් තැනකට ගෙනියන්න පුළුවන් නිශාන්ත මහතාගේ පදිංචි ස්ථානය මේ සඳහා යෝග්‍ය වෙනවා. පිළිතුරක් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා.
Raveendra Saturday, 29 August 2020 10:28 AM
මෙවන්නන්ට කෙසේ "ව්‍යාපාරිකයන්" ලෙස ආමන්ත්‍රණය කරන්නේද? ප්‍රදේශයේ "විනාශකාරීන්" ලෙස ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසු නොවන්නේද?
විජිත් Saturday, 29 August 2020 11:18 AM
දැන් ...වනජීවී එක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම වගකිව යුතු ආයතනවල නිලධාරීන් එකතුවෙලා, ප්‍රදේශයේ පොලිසියේ සහාය ඇතිව, ඩෝසර් කරපු " කාලකන්නින් " යොදවාගෙන පරිසරය තිබූ ලෙසම නැවත සැකසීමට වහාම පියවර ගන්න. එහෙම වුනේ නැතිනම් තව ටික දවසකින් ඔක්සිජන් ආශ්වාස නොකරන පුත්තලමේ බූරුවා ඔය "සකසපු " ඉඩම ඔහොමම හිමින් සැරේ යාළුවාට අයිතිකරගන්න වැඩේ සලසාවි. මේ ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ " දේවානි ජයතිලක " මහත්මිය වගේ එඩිතරව තම රාජකාරිය කරන නිලධාරීන් නැතිද...?
විජේ Saturday, 29 August 2020 12:15 PM
ආයේ ගහක්, ගලක් දිහාවත් නොබලන්න ගහන්න ඕනේ...
janahitha Saturday, 29 August 2020 12:19 PM
සාපරාධී ක්‍රියාවක්.. අනිවාර්යයෙන්ම දේශපාලනමය බලයක් යොදාගන්න හිතාගෙන මේ වැඩේ කරන්න ඇති. මේ වගේ අයත් ආණ්ඩු පක්ෂය ඇතුලේ ඉන්නවා ඇති.
මෝ Saturday, 29 August 2020 03:42 PM
ජනාධිපතිතුමනි, ආණ්ඩුව පිහිටුවන්නත් පෙර සිටමයි දේශපාලන හෙන්චයියන් පුරාවස්තු විනාශයත්, පරිසර විනාශයත් පටන් ගත්තේ... මේවා තමයි ඡන්දෙට වියදම් කළාට මන්ත්‍රීලා හෙන්චයියන්ට දෙනපගාව. නමුත් මේ පිටිපස්සේ ඉන්න දේශපාලුවා නිරාවරණය වෙන්නේවත් දඬුවම් ලබන්නේවත්, රෝම කූපයකටවත් හානියක් වෙන්නේත් නෑ. මේ රජය යටතේත් ඒ තක්කඩි දේශපාලන ක්‍රියාදාමය එසේම සිදුවෙනවා. මේ දේශපාලුවන් මට්ටු කරන්න තරම් රටට, පරිසරයට හිතැති නායකයින් පහළ නොවීම රටේත්, ජනතාවගේත් අවාසනාව...
Dhamma shetty Unuwathurabubula MAHAOYA Saturday, 29 August 2020 03:47 PM
මේවාට ඔක්සිජන් ඕනෑ වෙන එකක් නැද්ද?
siri Saturday, 29 August 2020 05:09 PM
ආණවිලුන්දාවට එහෙම වුණාට සිංහරාජයේ පාර කපන එක ඉක්මන් කරලා බස් එකකුත් දාන්නයි අණකරලා තියෙන්නේ.. දැන් සැපද?
walter white Sunday, 30 August 2020 12:47 AM
මේ අය දන්නේ නෑ නේ වැඩක් කරන විදිහ... කරන්න තිබ්බේ ජනාධිපතිතුමා දැනුවත් කරලා පරිසර හිතකාමී විදිහට ඩෝසර් කරන්නේ කොහොමද කියල එතුමාගෙන් උපදෙස් ඇරගෙන වැඩේ කරන එක.., කෙහෙද මොලේ තෑගි දුන්නට මොළේ පෑදෙන්නේ නෑනේ... දැන් ජනාධිපතිතුමා ගුවනින් ඇවිත් මේක පරිසර හිතකාමී විදිහට කරන්න කියලා විද්වතුන්ට උපදෙස් දේවී, පව් එතුමා නිකම් රස්තියාදු වෙනවා.
pradeepa Sunday, 30 August 2020 10:56 AM
මේකට ගෑවුණු හැම කෙනෙකුටම දැඩි දඬුවම් දෙනවා අපේ රජය... අපි මේ වනවිට කුරුණෑගල නගරාධිපතිව ඇරෙස්ට් කළා., කරුණාව ගත්තා. ඒකම නීතියක්නේ...
manavi Sunday, 30 August 2020 01:56 PM
ව්‍යාපාරික හොරා, ඔක්සිජන් නැතිව හුස්ම ගන්න පුළුවන් කිව්ව කෙනාගේ සහෝදරයා කියලා තමයි ආරංචිය. ඒ නිසා සාධාරණයක් වෙයි කියලා හිතන්න අමාරුයි.
janahitha Monday, 31 August 2020 03:49 AM
ඩෝසරය සහ එහි ක්‍රියාකරු, ග්‍රීස් ගාපු අය, ඩෝසරයේ කුල්ල පිරිසිදු කළ අය, ඉන්ධන සැපයූ අය, ඩෝසරය ගෙනාපු අය ඔක්කොම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ... ආණ්ඩුවට දොස් කියන්න එපා.