ආණ්ඩුපක්ෂය නැමැති නැවේ සිදුරු ඇතිවෙමින් තිබෙන බවත් ඒ සිදුරු ඉක්මණින් වසා නොදැමුවහොත් නැව ගිලී යන බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න කියයි. ඉහළින්ම රැඳී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පල්ලම නොපෙනෙන බවත් එය පෙන්වාදීමට පහළ සිටින මැති ඇමතිවරු ඉඩ නොදෙන බැවින් උපවාස කිරීමෙන් ද පළක් නොලැබෙන බව ඔහු පවසයි. පත්වීම් දෙන බව කියා සිය සඟයන් දෙදෙනකුට පත්වීම් නොදීමට විරෝධය දක්වමින් ඊයේ (15) ගාල්ලේ පිහිටි දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අතහැර දමමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
''ආණ්ඩු පක්ෂ නැවේ සිදුරු ‘‘
සුසන්ත Wednesday, 15 January 2014 04:09 PM
මේ සරම් ඇදගෙන ඉන්නේ කවුද (දී)
සෙල්වරත්නම් Wednesday, 15 January 2014 04:09 PM
තව කල්පයකට මේ නැව ගිලෙන්නේ නැහැ අපි ගිලෙන්න දෙන්නෙත් නැහැ (දී)
ග්‍රේඩ් Wednesday, 15 January 2014 05:05 PM
මෙවැනි චරිත නිසා තමා රජය අපකීර්තියට පත් වන්නේ පළමුව මෙවැනි චරිත ඉවත් කල යුතුය (දී)
සුමේද Wednesday, 15 January 2014 07:52 PM
රජය මේවා ගැන හොයල බලන්න ඕනේ,මේවගේ චරිත හින්ද රජය අපකිර්තියට පත් වෙනවා, තනතුරු දෙනකොට මනාපේ විතරක් බලල හරියන්නේ නැහැ හෝමාගමට උනෙත් ඕකනේ ප්‍රදෙසිය සභාව ඉවරයි (අ)
හිරාන් Wednesday, 15 January 2014 11:50 AM
මේවා ලෝකේ හිනස්සන විහිලු (දී)
නිමල් Wednesday, 15 January 2014 12:22 PM
දේශපාලනය කියන්නේ නැවක් වගේ තමයි (දී)
විපුල Wednesday, 15 January 2014 12:37 PM
නැවට ගොඩවෙලා නැවේ තියෙන සිදුරු ටික වහන්නේ නැතුව මොකද්ද ඔය කරන්නේ (දී)
ජීවන්ත Wednesday, 15 January 2014 12:39 PM
ඔබේ උපවාසයට සුහ පතනවා දිගටම කරන්න (දී)
අජිත් කරුණාරත්න Wednesday, 15 January 2014 12:40 PM
මේ නැවේ සිදුරු ඇති වෙනවා නොවෙයි . නැව පදවන කට්ටිය එක එක ප්‍රමාණයේ සිදුරු හදනවා.. වහන්න පුළුවන් සිදුරු නොවෙයිනේ හදන්නේ. කොච්චර වතුර පිරුණත් සිදුරු හැදිල්ල නවත්වන්නේ නැහැ,තව තව සිදුරු හදනවා. (දී)
චාමික Wednesday, 15 January 2014 01:09 PM
පැණි කන්න ගියාම ඇඹලයට වෙන දේත් අමතක වෙනවා. පව්. (දී)
පෙරේරා Thursday, 16 January 2014 01:59 AM
රටේ මිනිස්සු කොහොමත් අවුරුදු ගානක් තිස්සේ ගිලිලා නේ ඉන්නේ. (අ)
සුජීව Wednesday, 15 January 2014 02:08 PM
කවුරු කොහොම කියුවත් මේ නව ගිල්ලවන්න බැහැ (දී)
සුනිල් විමලසුරිය Wednesday, 15 January 2014 02:51 PM
බලමු කොච්චර කල් දුවයිද කියලා (දී)
බුද්ධික Wednesday, 15 January 2014 03:12 PM
මේවා විහිලු කතා කියලයි මට නම් හිතෙන්නේ , එකීනෙකා එකිනෙකාට බැන ගන්නේ නැතුව රට හදන්න පෙරට එන්න (දී)