IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'ආණ්ඩුවේ රස්සාව' බලන්න

2016-04-01-ent-143

කැලනිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී මෙම මස 05 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට ආණ්ඩුවේ රස්සාවක්, ධාර්මිෂ්ට සමාජයක් ගොඩනගමු, දාහක් දෙනවකෝ, කිරිඅම්මා අවතාරය යන කෙටි නාට්‍ය වේදිකා ගත වෙයි. මේ එම උලෙළ පිළිබඳ ආණ්ඩුවේ රස්සාවක් නාට්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් ඇරෑගමය..

 

2016-04-01-ent-147නාට්‍ය කලාව සඳහා යොමු වීම?

මම 2007 දී ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට යොමු වුණා. එහි ඩිප්ලෝමාව එක හැදෑරුවා. පසුව විවෘත විශ්වවිදයාලයේ වසර දෙකක කාලයක් නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනයේදී උපාධිය අවසන් කළා. ඒ අතර තුර කාලේ ඩග්ලස් සිරිවර්ධන සර්ගේ නාට්‍ය වල රෝහන දන්දෙණිය සර්ගේ නාට්‍ය වල අජිත් සර්ගේ නාට්‍ය වල වැඩකළා. මුළින්ම සන්තාප දිට්ට කියන ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍යයකට දායකවුණා. රෝහණ දන්දෙණිය සර්ගේ රාස්ස පරාස්ස කියන නාට්‍යයට සම්බන්ධ වුණා. කෑම ලෑස්තියි, සුභ සහ යස, සුදු සහ කළු, පෙම් යුවලක් ඕනැ කර තිබෙයි, මිට නැති කුඩ වැනි නාට්‍ය වලට මේ වනවිට දායක වී සිටිනවා. ඊට අමතරව අපි රාජ්‍ය නාට්‍ය උලෙළ හා යෞවන නාට්‍ය උලෙළට නාට්‍ය සිදුකරනවා.

 

කෙටි නාට්‍ය උලෙළ?

වසර හතරක පමණ කාලයක් අපි විවිධ වැඩ මුළු කළා. ධර්මිස්ඨ සමාජයක් ගොඩනගමු කියන නාට්‍ය කළා. එයට රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ හා යෞවන සම්මාන හොඳම පිටපත හොඳම අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය. වේදිකා පරිපාලනය වැනි සම්මාන හිමිවුණා. මෙම කෙටි නාට්‍ය ප්‍රදර්ශනයට මෙම නාට්‍යයත්, ආණ්ඩුවේ රස්සාව, දාහක් දෙනවකෝ, කිරි අම්මා අවතාරය වැනි නාට්‍ය වේදිකා ගත වෙනවා.

 

2016-04-01-ent-146කෙටි නාට්‍යය වල යථාර්ථය?

මෙවර යෞවන සම්මාන උලෙළේ හොඳම නාට්‍ය බවට පත් වූ දිගු නාට්‍ය නාට්‍ය අවසානයක නළුවා හා නිළියට විදේශීය සංචාරයක් ලැබුණා. ප්‍රවීණයින්ගෙන් ඇහුවත් කියන්නේ කෙටි නාට්‍යයක් කරන්න එපා දිගු නාට්‍යයක් කරන්න කියලා. කෙටි නාට්‍ය සීමා වෙලා තියෙන්නේම සම්මාන උලෙළවල් වලටම පමණක් නිසා සංවිධායකවරු කෙටි නාට්‍ය ගන්නේ නැහැ. ඒ නිසා තමයි අපි එකතු වෙලා කෙටි නාට්‍ය හතරක් පැය දෙකක කාලෙකට ප්‍රදර්ශනයක් ලෙස කරන්නේ. රාජ්‍ය නාට්‍ය උලෙළක් යෞවන සම්මාන උලෙළත් අපගේ නාට්‍ය වලට සම්මාන ලැබුණා. නමුත් ඒවා සීමා වුනේ සෝනියර් වලට විතරයි. අපි මේ කෙටි නාට්‍ය හරහා අපිට දැනුන ප්‍රශ්න කතා කරනවා. ආණ්ඩුවෙ රස්සාවක්, ධාර්මික සමාජයක්, දාහක් දෙනවකෝ.. නාට්‍ය තුනෙන්ම කතා කරන්නේ තරුණයින්ට මුහුණ දෙන්න වෙන ගැටලු.

 

ඉදිරියේදී

ආණ්ඩුවේ රස්සාව මම නිර්මාණය කල නාට්‍ය. එය ඉදිරියට වේදිකා ගත කරන්න කටයුතු කරනවා. ගුවන් විදුලි නාට්‍යක හඬකැවීමට දායක් වී සිටිනවා. Unnamed theater Grop එක දිගු නාට්‍යක් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. ජූනි මාසයේදී මෙම නාට්‍ය උලෙළ පිළියන්දල ප්‍ර‘දේශයේ පැවැත්වීමටත් බලාපොරොත්තු වෙනවා.

 

නිදුක් මධුෂික

 

2016-04-01-ent-144
2016-04-01-ent-148
 



අදහස් (0)

'ආණ්ඩුවේ රස්සාව' බලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site