IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආණ්ඩුවට එරෙහි අයිතිවාසිකම් පෙත්සමක්

දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත්, දැනට සිටින අමාත්‍යවරුන්, රාජ්‍ය අමතාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගේ පත්වීම් බලරහිත කරන ලෙසත් නියෝගයක් නිකුත් කරන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කැරිණි.

කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙත්සම් කරුවෝය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, සියලූම දේශපාලන පක්ෂ වල නායකයින් හා පක්ෂ ලේකම්වරු , නීතිපති ඇතුළු 249 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (5) ව්‍යවස්ථාව මඟින් අර්ථ දක්වා ඇති ආකාරයට පවතින ආණ්ඩුව සැබෑ ජාතික ආණ්ඩුවක් නොවන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

පවතින ආණ්ඩුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වී නිර්මාණය කර ඇති අතර සෙසු පක්ෂ හෝ කණ්ඩායම් ඊට සම්බන්ධ වී නැති බවත්, එබැවින් එය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් ලෙස අර්ථ ගැන්විය නොහැකි බවත් ,එබැවින් එය නීතිවිරෝධී බවද පෙත්සමේ සඳහන් වේ.



අදහස් (0)

ආණ්ඩුවට එරෙහි අයිතිවාසිකම් පෙත්සමක්

බණ්ඩාර - කැකිරාව Saturday, 02 April 2016 06:10 AM

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මහත්වරු තමාගේ සුඛවිහරණය සදහා සාදාගත් පාරාදීසයක් බඳු වූ මෙම ජාතික ආණ්ඩුව මේ වෙනතුරු කළේ රටේ සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීම, සාමාන්‍ය ජනතාවට අධික බර පටවමින් සහනාධාර කප්පාදු කිරීම, මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන්ට මැති ඇමතිකම් ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට බනින විකට ජවනිකා පැවැත්වීම පමණද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site