IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති

(යොහාන් භාසුර)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය විසදීම සඳහා පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසදුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.  

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය එසේ පවසයි.  



අදහස් (16)

ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති

Rasika Thursday, 05 May 2022 03:05 PM

මෙන්න මේ වගේ මේ අයට දැනෙන්න කරන්න ඕනෑ.. පාර්ලිමේන්තුවේ කුක්ලාට වර්ජනය කරන්න බැරිද?

:       4       156

chandana Thursday, 05 May 2022 09:27 PM

නියම පොයින්ට් එක. පාර්ලිමේන්තු රාජකාරි සඳහා සියලුම ක්ෂේත්‍රවල, ඒ කියන්නේ කසල ශෝධක සිට, දොස්තර, ඉන්ජිනේරු පවා සිටිනවා. ඇයි ඒ අය වර්ජනයේ නොයෙදෙන්නේ? ඒකට හේතුව ඒ අය ලබන ප්‍රතිලාභ සාපේක්ෂව ඉතා ඉහළයි. ඉතින් හිතන්නකෝ ඒ අයට හොද්ද එහෙම නම් 226ට කොහොම ඇතිද? උද්ඝෝෂණ නෙවෙයි හෙන පිට හෙන හතම වැදුණත් ඔවුන් නෙවෙයි ඔතැනින් යන්නේ..? වැටත් නියරත් ගොයම කා නම් අපට කාගේ පිහිටක්ද...?

:       4       75

ranjith Thursday, 05 May 2022 03:53 PM

උපදින දරුවන්ටත් යහපත් රටක් හැදෙන්න මේ වගේ දේවල් අගය කළ යුතුය.

:       5       115

Preethi Kasturiarachchi Thursday, 05 May 2022 04:04 PM

මෙ පුෂ්පය ඉවර වෙන කමිනි නෙමෙයි හැමදාම ඒ නීතිය හොදයි

:       0       0

ජනතාව Thursday, 05 May 2022 04:15 PM

අගය කළ යුතු දෙයක්. ප්‍රබූවරු කියලා කොටසක් නැහැ ,හොර දූෂිත දේසපාලුවෝ තමා වැඩිපුරම එහෙට මෙහෙට යන්නේ?

:       0       0

මාර්ටින් Thursday, 05 May 2022 06:12 PM

ජයවේවා...! ඔබගේ සටනට...

:       4       65

නිර්වාන Thursday, 05 May 2022 06:34 PM

මේ අවස්ථාවේ නිවැරදි තීරණයක්...!

:       4       63

Nihal Thursday, 05 May 2022 08:09 PM

හොරු ගුවන්ගත වෙන තැන.

:       4       59

chandana Thursday, 05 May 2022 09:20 PM

විසඳුමක් ලැබෙන තෙක් නොව, ජනතාව ඉල්ලන විසඳුම ලැබූ දිනෙක VIP ඉබේම අහෝසි වෙනවා....

:       5       62

දසුන් Friday, 06 May 2022 06:36 AM

ඕකුන් ගේ වාහන වලට තෙල් වත් ගහන්න හොද නෑ

:       0       0

Wipula Friday, 06 May 2022 07:52 AM

ඔබේ ක්‍රියාමාර්ගය අන් අයට ආදර්ශයක්.සියලුම අංශ මෙය අනුගමනය කරන්න පෙලගැහෙන්න

:       0       0

Dumi Friday, 06 May 2022 08:11 AM

අපි මෙහෙම හිතුවට ලන්කාවට ගොඩක් පොහොසත් මගීන් එන්නේ මේ පර්‍යන්තෙන් ඒක නිසා ලොකු විදේශ විනිමය පාඩුවක් වෙන්න පුලුවන්. සමහර අය එන්නේ පුග්ගලික ගුවන් යානා වලින්. අපි ඔබ නොසිතන වියදමක් මේ ගොල්ලො ලන්කාවෙදි කරනවා.නමුත් ඒ ගොල්ලො කමති නහෙ කිසිම රස්තියාදුවකට.. අපිට නිතරම වරදින තන තමා හොදට නොහිතලා ගන්නේ තීරන. මෙතන විය යුත්තේ පාර්ලිමෙන්තුවට සම්බන්ඩ සහ ලන්කාවෙ දේශපාලනයට හෝ ලන්කාවෙ vip මහීන්‍ට සේවා නොසපයා සිටිම විනා මේක වසා තිබීම නොවෙ....

:       0       0

Nandana Friday, 06 May 2022 10:45 AM

ලංකාවේ ඉන්න පාදඩයින්ට හොඳම වැඩේ. ඔබගේ මෙම ක්‍රියාව අගයමි. අපි මේ විදිහට රට හදමු...!

:       1       7

mahee Friday, 06 May 2022 11:38 AM

නියමයි. සුපිරියක්ම තමයි. ඔන්න නියම අරගලේ. මොකටද vip යන්න පුළුවන් පෝලිමේ අපිත් එක්කම... පෝලිමේ ඉද්දි තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ දැන් කියන වචනත් අහගන්න පුළුවන්... දරුපවුලටම ඇහෙන්න කියාවි...

:       1       3

ධර්ම Friday, 06 May 2022 01:02 PM

නියමයිනේ. ඕං මචංලා නුඹලා එක්ක පෝලිමක ඔය VIP ඇමැත්තෙක් හිටියොත් එහෙම හත්මුතු පරම්පරාවටම හොරාකාපු දේවල් මතක් කරන්න පුළුවන්...

:       0       3

pakeer Friday, 06 May 2022 09:13 PM

මේ පාර හැමෝටම දැනිලා... ඔක්කොම එකතු වුණොත් මේක ගොඩගන්න පුළුවන්... ඒත් තාමත් ඉන්නවා. ගුලිකාලා වගේ අන්ද මන්ද වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site