(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක සීඝ්‍රයෙන් හිස ඔසවමින් සිටින අතර අහංගම කැබලාන මුහුදු තීරයේදී දින දෙකක් පුරා "සර්ෆින්" තරගාවලිය රටවල් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වුණ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රි ලංකාව ද ඇතුළුව රටවල් 25ක් නියෝජනය කරමින් තරග කරුවන් 120ක් සහභාගී වු මෙම තරගයේ කාන්තා අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Nikita Robb දිනාගත් අතර පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන බ්‍රසීලයේ Potyar Scheafer විසින් හා ස්වීඩනයේ Felicia Steen විසිනුත් දිනාගත් බව අමාත්‍යවරයා කීය.
පිරිමි අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Jacob Mellish විසින් දිනාගත් අතර දෙවන ස්ථානය ශ්‍රි ලංකාවේ Lakshitha Madushan විසිනුත් තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ Shane Holmes දිනාගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ පූර්ණ අදීක්ෂණය යටතේ පැවති මෙම තරගයේ ජයග්‍රාහකයිනට සුබ පැතුම් එක් කරන බව ද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අහංගම මූදේ- බලන් ’’සර්ෆින්’’ සාදේ
pakeer Monday, 27 March 2023 12:09 PM
හරියා හොඳ ෆන් එකක් ගන්න ඇති. සුපිරි.
Samitha S . Aluthgamage Monday, 27 March 2023 01:18 PM
" නිල් සයුරේ උඩට පැන දඟලන රළ මත්තේ ... කිරි සුදු පෙන රැසින් පිපෙනා මල් ඉත්තේ ... නිල්වන් අහස් කුස සිඹ නටනා එක රොත්තේ ... මනුලොව සුර ලොවක් වෙයි එම ගම පැත්තේ ... "
Samitha S . Aluthgamage Monday, 27 March 2023 01:49 PM
" හෝ හඬ නගා පැතිරෙන සිඳු රළ නාදේ ... පෙණ පිඬු මුසු නළින් ගත සිත පීදේ ... බලනා විටදි මේ මනරම් සර්ෆින් සාදේ ... නෙත කුල්මත් කරන දසුනකි මහ මූදේ ... "
මැක්ස් Monday, 27 March 2023 02:25 PM
මෙවැනි ධනාත්මක සිදුවීම් පිළිබඳ වාර්තා පළ වීම ජවිපෙ සහ සජබවාදීන්ගේ විස්සෝපයට හේතු වනු ඇත.
රනේ Monday, 27 March 2023 03:13 PM
මක්කැයි ඉතින් දුන්නේ තෑගි....
විජේ Monday, 27 March 2023 03:27 PM
නරීන් බඩපිනුම් ගසයි කරිජ්ජේ
fairoos Monday, 27 March 2023 04:13 PM
අප්පට සිරි හරිනයට ගිය කල.