ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී පොන්ටින්ට ලකුණු අතරට ඒමට නොහැකි වීම මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව වී ඇත.
ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේදී සහභාගි වු තරග පහේදී පොන්ටින් රැස්කර තිබෙන ලකුණු සංඛ්‍යාව 18 කි. එහිදී පොන්ටින් ලකුණු 2, 1, 6, 2 සහ 7 ක් ලෙස තරග පහේදී දැවී ගොස් තිබෙන අතර ඔහුගේ එම තරග පහේ සාමාන්‍ය 3.60 කි. මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා තරග දෙකකදී ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීම පොන්ටින්ට පැවරිණ.
37 හැවිරිදි පොන්ටින් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් විය. එක්දින තරග 375 කට සහභාගිවී ලකුණු 13704 ක් ලබා ඇති හිටපු ඕස්ටේ‍්‍රලියානු නායකයා, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගෙන් (18179) පසුව වැඩිම එක්දින ලකුණු රැස් කර සිටින පිතිකරුවා ද වේ.
පොන්ටින් වෙනුවට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතයට කැඳවා තිබේ. මිචෙල් ස්ටාක් වෙනුවට වේග පන්දු යවන රයන් හැරිස් ද සංචිතයට ඇතුළත් කිරීමට ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අසාර්ථක පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට
පසිඳු Tuesday, 21 February 2012 09:14 AM
මොනවා වුනත් ඕස්ට්‍රේලියා තේරීම් කමිටුව ගත්ත නිවැරදි තීරණයක්. අපේ රටේ තේරීම් කමිටුව ට හොඳ ආදර්ශයක්.