IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අස්ගිරි මහ නා හිමිට හින්දු හර සර

බුදු දහම හා හින්දු ආගම එකම රටක  බිහි වු එක සමාන ආගම් දෙකක් බවත්  බෞද්ධයන් හා හින්දුන් එක්ව සිටීම ලොකු බලයක් බවත් උඩුගම බුද්ධරක්ඛ්ත  මහා නා හිමියෝ  නල්ලුර් හිදී පැවසුහ.

අස්ගිරි මහා නාහිමියන් අතුළු බෞද්ධ දුත පිරිසක් නල්ලුර්හිදී  හින්දු පුජකවරු හමු වුහ.

ගව ඝාතනයට එරෙහිව බෞදධ භික්ෂුන් ගෙන යන උද්ඝෝෂණය ඔවුහු පැසසුමට ලක් කළහ.

බන්ධනාගාර ගත  වී සිටිය දෙමළ රැඳවියන් ඉක්මනින් නීතීය ඉදිරියට පමුණුවන ලෙස හෝ නිදහස් කරන බව ජනපතිගෙන් ඉල්ලා සිටි බවද මහ නාහිමියෝ පැවසුහ.

යාපන නාග විහාරාධිපති මීගහජදුරේ  ඤාණරතන හිමිගේ ආරාධනය පරිදි  මහා නා හිමියෝ බෝ මළුවේ බුදු පිළිරුවක් ද තැන්පත් කළහ.

කහවත්තේ සරණංකර,වඳුරාගල ධම්මාරාම සහ  නුගේතැන්නේ පඥා නන්ද නා හිමිවරුද ,යාපන ආරක්ෂක සේනා ආඥාපති මේර්ජ ජනරාල්  උදය පෙරේරා  උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුද පැමිණ සිටියහ.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අස්ගිරි මහ නා හිමිට හින්දු හර සර

කාලිංග Friday, 28 February 2014 11:59 AM

සැමගේ සිත් සතන් පහන් වේවා. ජාති ආගම කුලමල භංග වේවා. සියලු ජාතීන්ට එකට එක්වී රට ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා. (අ)

:       0       0

විජේසිංහ Thursday, 27 February 2014 05:32 PM

කොච්චර හොද ද මේ වගේ එකට එක්වෙලා කතා බහ කරලා විවිධ ආගම අදහන උදවිය අතර යම් කිසි සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා නම්. බොරුවට පාරට බැහැල කෑ ගහල ප්‍රශ්න විසදන්න බෑ.(නදී)

:       0       0

ප්‍රසංගි Thursday, 27 February 2014 05:45 PM

සාමය සමාදානය රජවේවා ! සැම සිත් පහන් වේවා! ලොවටම සාමය උදාවේවා! (නදී)

:       0       0

ප්‍රශාන් Friday, 28 February 2014 02:27 PM

ජිනීවා වල කට්ටියට මේවා පෙන්නේ නැද්ද දන්නේ නැහැ (දී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 27 February 2014 08:29 PM

හින්දු සමාජයම පෙළ ගස්වාගෙන ඒ උද්ඝෝෂණයට සහයෝගය දෙන්න ගවයා හින්දුන්ගේ ආගමික සත්වයෙක් .(අ)

:       0       0

පහන් Thursday, 27 February 2014 08:33 PM

ඒක ඇත්ත හින්දු ආගම සහ බුදුදහම බොහෝ සෙයින් සමානයි .සුද්දෝදන රජතුමා හින්දු භක්තිකයෙක් .(අ)

:       0       0

පිටිගල Thursday, 27 February 2014 09:25 PM

බෞද්ධ හින්දු සමගිය සදාකල් රැදේවා!.(අ)

:       0       0

පහන් Thursday, 27 February 2014 10:20 PM

කෝච්චියෙන් යාපනේ ගිහිල්ල මසාල තෝස,පුරි ,ඉටිලි කන්න ආසයි.(නදී)

:       0       0

කුමාරි Thursday, 27 February 2014 10:29 PM

මොන ආගමේ උනත් අපි පෙර ඉදලම ලාංකිකයින් වශයෙන් සමගියෙන් හිටියා. ඒ සමගිය නැවත ඇති කරමු.අ නෙකා නැති කර තම වර්ගයා පමණක් ඉදිරියට ගෙනියන්න දගලන මේ කරුමක්කාරකම් අත් හරිමු.(නදී)

:       0       0

සෙනරත් Thursday, 27 February 2014 11:57 PM

හින්දු ආගමේ මිනිස්සුන් දෙවියන්ට වඳිනවා. බුදු දහමේ හැටියට සියලුම දෙවි වරුන් මිනිසෙක් වූ බුදු රජාණන් වහන්සේට වඳිනවා.(අ)

:       0       0

ඥානදස්සාර Friday, 28 February 2014 12:05 AM

මෙවන් අවස්ථාවන් තව තවත් ඇසීමටත් දැකීමටත් ලැබේවා! (අ)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි කැනඩාව Friday, 28 February 2014 06:28 AM

අතිපුජනිය අස්ගිරි මහනායක මාහිමියන් බඳු යතිවරු ශ්‍රී ලංකාවට මහත් ආශීර්වාදයක් වෙති. (නදී)

:       0       0

පිනිකියෝ Friday, 28 February 2014 07:35 AM

සාධු! සාධු!! සාධු!!! (නදී)

:       0       0

පෙරුමාල් Friday, 28 February 2014 08:06 AM

හොඳ නැද්ද ? (නදී)

:       0       0

කුමාරි Friday, 28 February 2014 09:52 AM

රත්නත්‍රයේ සරණින් ජාති,ආගම්,කුල,බේද ඉවත දමා ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්වී සමගියෙන් කටයුතු කිරීමට සැමට සිත් පහල වේවා! (අ)

:       0       0

රවිඳු Friday, 28 February 2014 11:05 AM

ඉතා හොඳ දෙයක්. නමුත් සෙනරත් කිවව කතාව වැරදියි. නොදැන දේවල් දාන්න එපා. අතිශෝතියෙන් කියන්න එපා. බුද්ධාගමට වසර 2600ක්. නමුත් හින්දු ආගමට ?????? හුඟක් ප්‍රස්න වලට මුල නොදැන කතා කිරීමයි.(නදී)

:       0       0

සෙනෙවි Friday, 28 February 2014 11:27 AM

ජාතික සමගිය ඇතිවේවා, බුදුසසුන බැබලේවා තෙරුවන් සරණි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site