ආණ්ඩුවෙ ඉන්න එක්තරා ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් පසුගිය කාලෙ කරපු වැඩ දෙක තුනක් නිසා උන්නැහේ වගේම ආණ්ඩුවෙත් නමට ලැබුණේ හොඳ නාමයක් නොවේ.
මේ ගැන රජයේ ඉහළම දෙන්න ඉන්නෙත් ටිකක් කේන්තියෙන්ලු. අලි පාටියෙ පට්ටම්ධාරියෙක් වන මුන්නැහේ ළඟදීම කරපු ජරමරයක් නිවැරදි කරන්න එක එක දවසට එක එක කතා කියල හත්පොළේ ගා ගත්ත... ඒ නිසා කේන්ති ගිය පක්ෂ නායක තුමා මේ ජ්‍යෙෂ්ඨය ගෙන්නල ලොකු දෝෂාරෝපණයක් කළාලු. වරක් නෙවෙයි දෙවරක්ම දොස් කීව කියලයි ආරංචි. කට පියාගෙන ඒ දොස් පරොස් අහගෙන ගිය මේ ගම්පහ දිස්ත්‍රික්කෙ ලොක්ක තමන්ගෙ කරපු වැරුද්දට අවවාද ලැබුණ එකට මලපැනල දොස් කිය කිය යනවය. කියල ආරංචියි.
එයා තමන්ගෙ ඇමැති සගයෙක් එක්කත් කීවලු මෙහෙම ගියොත් ආණ්ඩුවෙ අනාගතේ හබක් කියලත්...
ඒ වුණාට මේ ලොක්කට තමන් කරපු වරද නොපෙනීම වයසෙ වැරුද්ද වෙන්න ඇති කියපු ඇමැති සගයො මෙයාල මේ විදියට ජල්තර කර කර හිටියොත් නම් ආණ්ඩුව හබක් වෙන්න පුළුවන් කියල මැති සබා ලොබියේදි කතා වුණාලු...
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අවවාදෙට මල පනී