
(අංජුල මහික වීරරත්න)
අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදු වන බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා
Janitha Tuesday, 29 October 2024 06:02 AM
තවත් මුරකුටි ටිකක් කඩලා ඉවත් කරන්න වගේ යන්නේ. ඉතාමත් අනර්ඝයි.