අන්තර්ජාලයේ දැන්වීම් පළකළ ආරක්ෂ ලයිස්තුවේ ඉහලින්ම සිටින අලු ගිරවකු රුපියල් දහසයදහසකට උපාය දුතයකුට විකිණීමට ගිය බම්බලපිටියේ මොහොමඩ් අමීන් මොහොමඩ් රියාස්ට රුපියල් 50000 ක ඇප මත මුදා හල අලුත් කඩේ අංක පහ අධිකරණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කළේය.
කොළඹ තැන් දෙකකදී අලු ගිරවුන් හතර දෙනෙකු සොයාගත් බව ඒකකයේ ප්‍රධානී සමන් ලියනගම මහතා කියයි.
අප්‍රිකා අලු ගිරවුන්ද එහි සිටි බවත් එම කුරුල්ලන් මිලට ගත් ආකාරය තහවුරු කිරීම සැකකරුවන්ට නොහැකි වු බවත් ලියනගම මහතා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලු ගිරවා විකිණීමට ගිහින් උසාවිත් යයි
චින්තක Sunday, 05 January 2014 06:06 PM
මේ අළු ගිරවා ලංකාවට ආවේනික සතෙකි. නමුත් මේ ගිරවා ආරක්ෂක ලයිස්තුවේ ඉහලින්ම ඇති බව කියන්නේ කවුද ? (ත)
රන්ජන් Monday, 06 January 2014 09:50 AM
මේ මිනිස්සු ගිරවෙක් හරි විකුණගෙන ජිවත් වෙන්න බලන්නේ. ගිරවා මැරුවේ නැහැනේ. වනජිවි එකේ මහත්වරුන්ට වෙන වැඩ නැත්ද ? (නදී)
රොෂාන් Monday, 06 January 2014 09:57 AM
ඔය ඉහල පින්තුරයේ වම් පැත්තෙන් ඉන්න අළු පාට ගිරවා ලංකාවට ආවේනික ගිරවෙක් නෙමෙයි අප්‍රිකානු අළු ගිරවෙක්. මම දන්නා විදියට ඔය අළු පාට අප්‍රිකානු ගිරවෙක් රුපියල් ලක්ෂ 5 - 7 ත් අතර වටිනාකමකට විකුණන ගිරවෙක්. ඔය පින්තුරයේ දකුණු පසින් ඉන්නේ ලංකාවට අවේනික අළු ගිරවෙක්. ගිරවාගේ යට කොටස කොළ පාටත් පිට පැත්ත අළු පාටත් වෙනවා. වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ලංකාවට අවේනික කුරුල්ලෙක් (දිල්)
සත්‍යයා Monday, 06 January 2014 10:21 AM
අළු ගිරවුන්ගේ විතරක් නොවෙයි කොයි ගිරවගේත් කල දසාව හොඳ නැති බවයි පේන්නේ. (නදී)
චාලුක Sunday, 05 January 2014 11:30 PM
සත්තු රැක ගන්න එක අපේ වගකීමක් (දී)