සිංහයන් තිදෙනකු අලියකු මරා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික හෙයිඩි හා කර්ට් ගාර් යන දෙදෙනා සමත්ව සිටිති.
සිම්බාබ්වේ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් මේ දුර්ලභ දසුන දැක තිබේ. ජලය බීමට පැමිණි අලි පැටියා පසුපස ලුහුබැද ගිය සිංහයෙක් මේ අලියා පෙරළා ගනිද්දී තවත් සිංහයෙක් සහයට පැමිණියේය. සිංහයන් දෙදෙනාට කොටුවූ අලියා මාරාන්තික සටනක නිරත වෙද්දී සිංහ ධේනුවක් ද දඩයමට එක්වීම අලියාගේ පරාජයට හේතු විය.
හෙයිඩි හා කර්ට් පවසන්නේ සිංහයන් විසින් අලියා මරා දැමීමට විනාඩි 40ට ආසන්න කාලයක් ගත කළ බවයි.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලියා සිංහයන්ට ගොදුරු වෙයි
ප්‍රසන්න Wednesday, 22 January 2014 09:38 PM
දරුණු සිංහයන් තුන් දෙනෙකුට ඇත් පැටියෙක් ගොදුරු වේ කියල මාතෘකාව වෙනස් කලා නම් තමා හරි. දරුණු ලොකු ඇතෙතකුට අහු උනානම් සිංහයෝ තුන් දෙනා කුඩුම තමා.(නදී)
මනෝජ් -සාජා Wednesday, 22 January 2014 10:05 PM
අල්ලන්නෙම උගුරු දණ්ඩ ,අපේ රටේ දේශපාලුවෝ වගේ.(නදී)
ෆිට් දුලා Tuesday, 28 January 2014 10:38 PM
මෙක බලගෙන පින්තුර ගහපු කෙනා මාර මනුස්සයෙක් එකටතුවක්කුවට තිබුනේ නැද්ද (දී)
ප්‍රසන්න Thursday, 23 January 2014 02:52 PM
ප්‍රබලයාට දුබලයා යට වීම .නමුත් දක්ෂයා ජයගනෙව් (අ)
දේවල් Wednesday, 22 January 2014 10:13 PM
එතකොට දැන් ලංකාවේ ඡන්දෙ ඉල්ලන අලින්ට මොකද වෙන්නේ අනේ අසරණ අලි ටික උන්ව බේරගන්න කවුරුවත් නැද්ද? (අ)
සිංහබාහු Thursday, 23 January 2014 03:03 PM
ලංකාවේ අලින්ටත් සිංහයන්ගෙන් කොච්චර කරදරද ? (අ)
ලන්කාසිරි Thursday, 23 January 2014 03:16 PM
සතර අපායෙන් එකක් තිරිසන් ආත්මය. අප පින් කලයුත්තේ සතර අපායට නොවැටී සිටීමටයි. මිනිත්තු 40 පුරාවට මේදේ ඡායාරුප ගත කල අයත් තිරිසනෙක් හැටියට මන් දකින්නේ (අ)
ගාමිණී අප්‍රිකා Wednesday, 22 January 2014 11:06 PM
අලියෙක් නෙමේ අලි පැටියෙක්................(අ)
මහේෂ් Thursday, 23 January 2014 03:29 PM
ලංකාවේ අලින්ට ඔයදේ අද ඊයේ උන දෙයක් නොවේ (අ)
රිස්වාන් ඩුබායි Wednesday, 22 January 2014 11:08 PM
ලංකාවෙත් අලියට මේ තත්ත්වය තමයි. (අ)
සඳරුවන් Wednesday, 22 January 2014 11:41 PM
මේ තනි අලි පැටියෙක්. රැලෙන් වෙන් වෙච්ච එකෙක්. නැත්තන් මෙහෙම වෙන්නේ නෑ. සවයිවල් ඔෆ් ද ෆිටස්ට් කියන්නේ මේකට තමයි.
කර්ත්ලිස් අප්පුහාමි Wednesday, 22 January 2014 11:49 PM
අපේ රටේ දෙසපලකයොයි ජනතාවයි අතර සිදුවන්නේත් මේ දෙයයමයි (අ)
ඡානක. Thursday, 23 January 2014 12:17 AM
බොස්ට්වානා වල අලින් නිතරම සිංහයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. (නදී)
සමීර Thursday, 23 January 2014 04:24 PM
ලංකාවේ දේශපාලන අලි ගොදුරු වෙන්නේ නරින්ට එක දුකේ බැරුව (අ)
විජේසිංහ Wednesday, 29 January 2014 02:04 AM
අලියට ගිය කළ (දී)
සත්‍යයා Thursday, 23 January 2014 01:53 AM
මේක බලා හිටපු අපේ නෝනා කිව්වේ කොළ හා ශාඛ පමණක් ආහාරය ට ගන්න සතෙකු මාංශ භක්ෂික සිංහයින්ට ගොදුරුවීම අසාධාරණ බවයි. අපේ රටේ අහිංසක කාන්තාවන් හා දරුවන් ඝාතනය කරන "බොරු" සිංහයින් ගැන කියා මම ඇයව තාවකාලිකව අස්වසාලුයෙමි. *අ(
රෝහිත රෝමය, Thursday, 23 January 2014 02:18 AM
අනේ,පව් අලී පක්ෂයට ගියකල, (අ)
චින්තක Thursday, 23 January 2014 05:41 PM
මේක අලුත් දෙයක් නොවේ. අප්‍රිකාවේ අලි පැටවූ බොහොමයක් සිංහයන් ගෙන් මැරුම් කනවා. අලින්ට ඇති ප්‍රධාන විලොපියා සිංහයා (දිල්)
අරුණ Thursday, 23 January 2014 05:06 AM
මෙවන් විපතක් දෑසින් දැකීමට නොලැබේව. තිරිසනෙක් වෙලත් කරුමය පඩිසන් දුන්න හැටි.(අ)
හේලි Monday, 27 January 2014 08:55 AM
සතෙකුට උනත් මෙවන් දෙයක් වෙනවා දැකීම තරමක කම්පනයක් ඇතිකරන දෙයක් විය හැකියි. ලංකාවේ අය මනුස්සයනට නැති කරුණාවක් සත්තුන්ට දක්වනවා. මරණයට කැප උන හරකෙක් නිදහස් කරන්න රුපියල් දහස් ගණනක් වියදම් කරන්නට ලෝබ නැති උනාට පත්තරේ වැටෙන අසනීප උන දරුවෙකුගේ ජීවිතේ බේරගන්න කව්රුවත් රුපියල් 250ක් දාන්න පැකිලෙනවා.
සුමංගල ඇල්පිටිය Thursday, 23 January 2014 07:14 AM
ඕක ටිකක් වෙනස් විදියට මෙහෙත් වෙනවා .නොමරා ස්වරුපය වෙනස් කරනවා .ගොඩක් සැප දෙනවා .(අ)
අසංක Saturday, 25 January 2014 09:32 AM
අහාර ධාමය ඔහොම තමයි (අ)
සමන් Thursday, 23 January 2014 07:57 AM
මේ අලි පැටියෙක් නේ. සිංහයින්ට තිබුනේ අර කාර් එකෙන් පුට්බෝල් ගහපු අලියා වගේ එකෙක් එක්ක පුළුවන් නම් හැප්පෙන්න. ලඟදි තව වීඩියෝ එකක් තිබුනේ කුළු හරකෙක් සිංහයාගෙන් බෝල ගහන එකකුත්. (නදී)
කිත්සිරි Thursday, 23 January 2014 08:02 AM
බලවත් සතකු වුවද දුබල වූ සැනින් ගොදුරු කරගැනීමට බලා සිටින්නන් බොහෝයි. තිරිසන් භවය යනු සතර අපා වලින් එකකි. තිරිසන් ව උපදින්නේ පාපකර්ම වල පලයක් වශයෙනි. මේවා දැක සත්ව හිංසන හා ඝාතන කරන්නවුන් ඉන් මිදෙත්වා! (නදී)
නිමල් පෙරේරා Thursday, 23 January 2014 08:35 AM
අවාසනාවන්ත සිද්දියක් වුනත් ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන අහඹු සිදුවීමක්. (අ)
සාරංග Thursday, 23 January 2014 08:39 AM
මේක තමයි ස්වබාව දර්මය ඒක වෙනස් කරන්න බැහැ. දෙවියෝ දන්නවා මේ ලෝකේ සමබරව තියා ගන්න. නිකන් පිස්සෝ වගේ කතා කරන්න එපා. (නදී)
දිනිති Thursday, 23 January 2014 08:56 AM
සත්‍යයා, මට පෙනෙන හැටියට ඔයත් අර ගැහැනුන්ට සමතැන කියල පවුල් කඩන සංගමයේ සාමාජිකාවක් වගේ.(නදී)
මධූ Thursday, 23 January 2014 09:02 AM
අනේ අලිපැංචා පවු. අනේ මට නම් දුකයි.(නදී)
නිශ්ශංක Thursday, 23 January 2014 09:08 AM
තිරිසන් ලෝකය ඔහොම තමා. කිසි අර්ථයක් නැති විදිහට අදහස් පලකරනවා. මොළ වළ තරම තමා අයියෝ සල්ලි.(නදී)
සාලමුල්ල Thursday, 23 January 2014 09:48 AM
ඡායරුප ගන්න අයට බැරි උනානේ අලි පැටියව බේර ගන්න (අ)
නිරෝෂ් Thursday, 23 January 2014 11:07 AM
තිරිසන් සිංහයන් නොතේරුම් කමට කියමු. නමුත් මහා දැන්නු තේරුම් තියෙනවා කියන මිනිස්සුත් මේ වගේ තිරිසන් වැඩ කරන වේලාවල් තියෙනවා (අ)
චමිල් Thursday, 23 January 2014 11:13 AM
කරුණාව මෛත්‍රිය හුරු උන අපිට මේ වගේ දෙයක් දැක්කම හිතට කණගාටුයි. ඒ නිසා මේ වගේ ඡායාරූප පල කරන්න එපා . මෙය ස්වභාව ධර්මය තමයි . එත් මේ වගේ ෆොටෝ බලල අපේ හිත් වල තියෙන මෘදු බව නැති වෙනවා .(අ)
චන්ද්‍රිකා Thursday, 23 January 2014 11:23 AM
කිත්සිරි සමග එකගයි . සත්ව ලෝකයය කියන්නේ සතර ඇපයෙන් එකක්. දඩයම පිණිස , විනෝදය පිණිස හෝ රැකියාව පිණිස ප්‍රාණ ගතයේ යෙදෙන කෙනෙකුට ඊලග බවයකදී අත්වන්නෙත් මෙයම තමා.එමනිසා සියලු දෙන ප්‍රාණ ඝාතයෙන් වැලකී සිටින්න අදිෂ්ටන කරගන්නෙ (අ)
අචිර Thursday, 23 January 2014 09:51 PM
සිංහයා සත්තුන්ගේ රජ කියල මම නම් කියන්නේ නෑ. සිංහයා හරි බියගුළු සතෙක් උට තනියෙන් දඩයම් කරන්න බැහැ. පොඩි එවුන්ට තමයි වැඩ පෙන්නන්නේ (අ)
රවී Thursday, 23 January 2014 01:06 PM
බුදු බණ අනුව සංසාරේ අපිත් ඔහොම දේවල් වලට මුහුණ දීල ඇති .සසරින් මිදෙන්න පිං කරන්න (දිල්)
ගයාන් Thursday, 23 January 2014 01:15 PM
http://www.youtube.com/watch?v=vp9EC4tS-Q0 (දිල්)
හේමන්ත Thursday, 23 January 2014 01:43 PM
සිංහයන්ට ගොදුරු වෙන අලි මීට කලින් දැකලා තියෙනවා. මෙතන ගොදුරුවන්නේ අලි පැංචෙක්. හරිම දුකයි, අම්මා නැති තැන අපි කාටත් ඔහොම තමා. (නදී)
ගාමිණී - සිරි Wednesday, 22 January 2014 09:22 PM
පෙනුමෙන් නම් සිංහයින්ගේ ගොදුරට ලක්වී ඇත්තේ අලි පැන්චෙක් වගේ.මේ වැඩේ පුරුද්දකට ගියොත් නම් සිම්බාබ්වේ අලින්ට දෙවියන්ගේම පිහිටයි....(අ)