යෞවනයේ ළාබාල ගායිකාවක වන ජිත්මි අබේරත්න "රෑට මං හීනෙන් ඇවිදින්" ගීතයත් සමග බොහෝ ජනප්‍රියත්වයට පත්විය. එසේ ජනප්‍රියත්වයට පත් වුවත් පසුගිය කාලයේ ඇගේ හඬ අවදි නොවූ තරම්. ඒ පිළිබඳව අපත් සමග ඇය පැවැසුවේ මෙවන් අදහසක්.
මේ දවස්වල තොරතුරු?
පසුගිය දවස්වල පැවැත්වූ සිරස queen තරගයට සහභාගී වුණා. ඉතිං ඒ මාර්ගයෙන් තවත් අවස්ථාවක් ලැබුණා අවුරුදු වැඩසටහනක් කරන්න.
සංගීතය පැත්තෙන් ඈත්වුණාද?
නැහැ. ඈත්වෙලා නැහැ. මම කලින් කිවුව වැඩසටහනත් සංගීතය එක්ක යන වැඩක්.
අලුතින් සිංදුවක් එළිදක්වන්න අදහසක් නැද්ද?
මම පහුගිය අවුරුද්දෙම සිරස කුමරිය එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා සිංදු කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. ඉස්සරහට බලමු.
එළිදැක්වූ ගීත සඳහා ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මම ගීත පොඩි ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒකෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුණේ රොමේෂ් සුගතපාල එක්ක කරපු %රෑට මං^ කියන ගීතය. ඒක එළිදැක්වූවේ 2011 වසරේ. අදටත් මට ගොඩක් අය ආදරය කරන්නේ ඒ සිංදුව නිසා.
රසිකයන් වෙනුවෙන් ඉදිරියේදී මොනවද කරන්න ඉන්නේ?
මෙහෙමයි, මම ඉස්සරහට වෙන්න තියෙන ඒවා සැලසුම් කරන්නේ නැහැ. මොකද ඒ දේ වුණේ නැත්නම් දුක හිතෙන නිසා සහ දෙයක් කරනවා කියලා පොරොන්දු දීලා කරන්න බැරිවුණොත් කියන බයටයි. අලුත් සිංදුවක් කළොත් අනිවාර්යෙන්ම කියන්නම්කෝ.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අලුත් සිංදුවක් කළොත් කියන්නම්කෝ