IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුත් වැඩ දෙක තුනක් එන්න තියෙනවා

2016-04-07-ent-16
 

2016-04-07-ent-15චන්දන ලියනාරච්චි තරමක් වෙනස් හඬක් සමගින් රසික හදවත්වලට ලැඟුම් ගත් ගායකයෙකි. ඔහුගේ ඒ ඇති වෙනස් හඬ නිසාම ඔහුගේ හඬටම මෙන්ම ඔහු දායක වන ගී නිර්මාණවලටද රසික පිරිස් බොහෝ සෙයින් ආදරය කරති. මීට දශක දෙකකට පෙර සංගීත ක්ෂේත්‍රයට පැමිණි ඔහු අද වනවිටද සිය ජනප්‍රියත්වය එදා මෙන්ම එක් සේ රඳවා ගැනීමට සමත්ව තිබේ. පසුගිය කාලයේදී තරමක් නිහඬව සිටි ඔහු මේ වනවිට ගීත කිහිපයක් එළිදැක්වීමට සූදානමින් සිටියි. සිය අලුත් ගී නිර්මාණ පිළිබඳව චන්දන "සාරවිට" අපට මෙසේ පැවසුවේය.

"අවුරුදු කාලේ නිසා මේ දවස් ටිකේ ටිකක් විතර කාර්ය බහුලයි. ප්‍රසංග වේදිකා සඳහා ලැබෙන ආරාධනා වැඩි වෙලා තියෙනවා. අප්‍රේල් මාසයේ වගේම මැයි මාසයේ මුල් සති දෙක, තුන වෙනකම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන ප්‍රසංග සඳහා මට ආරාධනා ලැබිලා තියෙනවා. පසුගිය කාලේ අලුත් වැඩක් කළේ නැති නිසා මගේ රසික, රසිකාවියන් නිතරම ඉල්ලීම් කරනවා අලුත් නිර්මාණයක් ඉක්මනට කරන්න කියලා. දැනට නිර්මාණ කිහිපයක් කරන්න සැලසුම් කරමින් ඉන්නවා. මේ ගෙවන කාර්ය බහුලත්වයත් එක්ක අලුත් නිර්මාණයක් කරන්න වෙලාවක් හොයගන්න එක අමාරු වැඩක්. ඒ නිසා මැයි මාසයේ අන්තිමට වගේ අලුත් නිර්මාණයක් කරන්න හිතනවා. ඒ වගේම අලුතින් කරන්න අදහස් කරගෙන ඉන්න ගී නිර්මාණවලට රූප රචනා කිහිපයකුත් කරන්න අදහස් කරමින් ඉන්නවා."

 



අදහස් (0)

අලුත් වැඩ දෙක තුනක් එන්න තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site