IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අලුත් ගමනකට මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ)

සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් රටට අවශ්‍ය යැයි  සමගි ජන බලවේගයේ ගම්පහ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

නායකයා පළපුරුදු කළමනාකරුවකු විය යුතු බව ඔහු සඳහන් කළේය. සමහරුන්ගේ සුන්දර කතා වලට රැවටී රට නන්නත්තාර කරගත් බව පැවසූ මන්ත්‍රීවරයා අදත් ඔය සමහර ආපේක්ෂකයන් කියන සුන්දර කතා අහල  ඡන්දය දේවි යැයි  සිතිය නොහැකි බවද ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ ගම්පහදී ඊයේ(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සුරංගනා කතා හැමෝටම කියන්න පුළුවන් බවත් සුරංගනා කතා යථාර්තයක් කරන්න පුළුවන් නායකයා කවුදැයි ජනතාව තේරුම් ගත යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඒ ඉලක්කයට යා හැකි කණ්ඩායමක් සිටින්නේ කාටදැයි කවුරුත් තේරුම් ගත යුතු බව අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.



අදහස් (12)

අලුත් ගමනකට මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Asela Monday, 09 September 2024 12:55 PM

මෙතුමා කියන්න හැදුවේ නායකයා විහිළු කාරයෙක් කියලා නේද? රනිල්ගේ යහපාලන හොරු සෙට් එකට රට බාර දෙන්න අපිට නම් පිස්සු නැහැ...!

:       39       90

අරවින්ද මොනරවිල Monday, 09 September 2024 12:55 PM

ගහපං පුතා ඔබත් බඩ පිනුමක්...!

:       8       80

සෙනෙවිරත්න Monday, 09 September 2024 01:04 PM

ඔය කියන්නේ සජිත් ගැන නේද? යන යන තැන සුන්දර පොරොන්දු දෙන සජිත්, ජනාධිපති කාර්ය සාධක බලකා කීපයක් පිහිටවූවාද? කවුරු හරි ඇවිත් කතා කලොත් එතන ජනාධිපති කාර්ය සාධක බලකායක්, පාසල් දහ දාහට කෝටිපතියො දහ දාහක් හොයලා දෙනවා කියලා කියන තරමට බොළඳ කතා....

:       9       78

පුරවැසියා Monday, 09 September 2024 01:17 PM

ඔයා සියලුම දෙනා එකට එකතු කරගන්න හදන්නේ ඔයාලගේ ආරක්ෂා ව ට. ඒකට පරක්කු වැඩියි මොකද රටේ සියලුම ජනතාව තමන්ගේ ආරක්ෂාවට එකතු වෙලා ඉවරයි

:       19       61

Manjula Pradeep Monday, 09 September 2024 01:59 PM

දැම්ම වෙන හතක් බලා ගත්තොත් හොඳයි.. ඒක නම් ඇත්ත. මොකද පහුගිය දවස්වල සජිත් ප්‍රේමදාස ඡන්ද දෙසීය එකතු කරගන්න හිටපු මැති ඇමැතිවරුන්, හමුදා පොලිසි වල ඉහළ තනතුරු දරපු අය, ක්‍රීඩාවට සම්බන්ධ අය සුළු ජාතීන් නියෝජනය කරන අය එකතු කරගත්තු විදියට ජාතික ලැයිස්තුවේ නම් කොහොමටවත් ඉඩක් නැතිවෙයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ලිස්ට් එකට ඔබතුමාගේ නම ඇතුළත් කරගන්න මාර ගේමක් දෙන්න වේවි...!

:       2       31

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 09 September 2024 01:59 PM

අපගේ ආධ්‍යාත්මික නායක අනුර සහෝදරයාට සුන්දර කතා කියන විහිලුකරුවකු යයි අනියමින් කියන මාන්නප්පෙරුම මන්ත්‍රී තුමාට අපගේ විරෝධය පල කර සිටිමු.

:       18       23

duplicate Ralahami Monday, 09 September 2024 02:01 PM

මෙයා ගැන මම වේලාසනින්ම කිව්වා ඊළඟ පිම්මට සූදානම් වන විදිහ.

:       2       30

Kazi Shajahan Monday, 09 September 2024 03:43 PM

තලතාගේ බාල මල්ලි වෙන්න යනවා වගේ... සජිත් පරදින ලකුණු පහළ වෙලා වගේ, එකතු වෙන්න කියන්නේ...

:       2       24

Nelum Monday, 09 September 2024 05:19 PM

ගම්පහින් පනින්න ඉන්නවා කියන දෙන්නාගෙන් එක්කෙනෙක් වගේ...

:       1       17

වඩිෙව්ල් Monday, 09 September 2024 09:00 PM

අපි ඔය පට්ට හොරුන්ව ගහලා පන්නා දමනවා මේ දින කීපය තුළ. අම්මලා අක්කලා බලාගෙන තමයි ඉන්නේ ෙහාඳට ෙනලන්න. පැණි ෙපර ෙපර යන්න තමා ෙවන්න. ෙහාර ෙද්ශපාලුවන්ව විනාශ කරලා අලුත් රටක් හදමු තව දින කිපයකින්. බලාගෙන තමයි ඉන්නේ. එක්කෝ පර ජඩ දේශපාලුවන්ව ඉවරටම ඉවර කරලා ජනතාවට විමුක්තිය ගෙන එමු. අනුර සමග යමු. සූදානම් ෙවමු. ජය රටට ජය ජනතාවට...

:       4       6

sam Tuesday, 10 September 2024 06:40 AM

කාලා මදිවෙලාද කොහොද ගහපුවා අහුවෙයි කියලා බයේ... ආයිත් එකතු වෙලා රටට කන්ඩයි මේ කුරුමානම

:       0       0

Athula Tuesday, 10 September 2024 12:25 PM

සත්‍යය ලෙසම මුන්ට දැන් නින්ද යන්නේ නැහැ මර බිය බොහොම දරුණු ලෙස දැනිලා සත්‍යය එතනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site