IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා

(යොහාන් භාසුර)

‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි.

ජනාධිපතිවරණයක් මෙම මස නිවේදනය කිරීමට නියමිතව තිබියදී ඉන්ධන පිරවුම්හල් 100 ක් වැනි විශාල සංඛ්‍යාවකට අනුමැතිය දීම පිළිගත නොහැකි බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි විශාල ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවකට එකවර අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවත් වෘත්තිය සමිති සඳහන් කරයි.

ඉන්ධන පිරවුම්හල් හතරකට පහකට එකවර අනුමැතිය ලැබුණු අවස්ථාව තිබුණ ද මෙවැනි විශාල පිරවුම්හල් සංඛ්‍යාවක් එකවර ඉදිරිකිරීම සැක සහිත බව කියන වෘත්තිය සමිති මෙම පිරවුම්හල් පැවරීමේ ගණුදෙනු සැකසහිත මෙන්ම ඒවායෙන් වැඩි සංඛ්‍යාවක් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන්ට පවරා ඇති බව ද කීය.

ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමට පිළියමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව යටතේ තිබූ ඉහළතම අළෙවියක් තිබූ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පිරවුම්හල් 450 ක් විදේශ පෞද්ගලික සමාගම්වලට දී නව පිරවුම්හල් ඉදිකිරීම පිළිගත නොහැකි බවත් නව පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමට සංස්ථාව ඩොලර් වැයකර ඉන්ධන ආනයනය කළ යුතු බවත් වෘත්තිය සමිති කියයි. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු ආණ්ඩුව මෙයට පිළිතුරු සැපයිය යුතු බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ එම ඉන්ධන පිරවුම්හල් පැවරූ ආකාරය ජනතාවට හෙළි කළ යුතු බව ද සඳහන් කරති.

විදේශ පෞද්ගලික සමාගම් පිරවුම්හල් ඉදිකිරීමට කිසිඳු වියදමක් නොකර ඉන්ධන ආනයනය පමණක් කර ලාභ ලබමින් සිටින බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ නව පිරවුම්හල් ඉදිකරන්නේ නම් එම පිරවුම්හල් විදේශ සමාගම්වලට දීමේ අවස්ථාව තිබුණ බව ද කියති.

ලංකා කනජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් දර්ශන රත්නායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සිපෙට්කෝ සතුව තිබූ පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට පැවරීම නිසා නව ඉන්ධන පිරවුම්හල් 300 ඉදිරිකිරීමට බලශක්ති අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉන් පිරවුම්හල් 300 න් කොටසකට මෙසේ පසුගිය සතියේ අනුමැතිය දුන් බවත්ය.

එම ඉන්ධන පිරවුම්හල් පැවරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තේරීම් මණ්ඩලයක් හරහා පැවරුම්ලාභීන් තෝරාගත් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ අනුමැතිය ලැබුණු ලැයිස්තුව ද නැවත අනුමැතියක් සඳහා බලශක්ති අමාත්‍යංශයට යොමු කරන බවත් දර්ශන රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (7)

අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා

ජයනාත් Monday, 01 July 2024 07:14 AM

වැඩිපුර ම අලෙවිය තිබුණ ෂෙඩ් සේරම දීල දාල දැන් කැලවල් අස්සෙ පාලුවට ගියපු තැන් වල ෂෙඩ් දානව... නියමයි...

:       10       18

Ruwan De Silva Monday, 01 July 2024 09:16 AM

දැන් මාස ගානකට කලින් සයිනෝපෙක්, අයිඕසී, ෂෙල් සමාගම් වලට පිරවුම්හල් දෙද්දි තිබුනේ තැති සල්ලි දැන් කොහෙන්ද? ඡන්දේ කිට්ටු වෙද්දි බංකොලොත් වෙච්ච රට එකපාරටම සිංගප්පූරුවක් වුනේ කොහොමද? කාගේ සල්ලි ද?

:       9       25

Achini Monday, 01 July 2024 09:25 AM

ඔවුන් දේශීය සමාගම් බංකොලොත් කරනු ඇත. ඔවුන් පොහොසත් ජාත්‍යන්තර සමාගම් ඇති කරයි. මේවා ජාත්‍යන්තරයට දුන්නට පෙට්‍රල් මිල අඩු වෙන්නේ නැහැ

:       7       23

fairoos Monday, 01 July 2024 11:04 AM

ආපහු මෙයාලාටම චන්දෙ දෙමු

:       4       11

අරවින්ද මොනරවිල Monday, 01 July 2024 11:53 AM

ලංකාවේ බලශක්ති පිළිබඳව භාරව ඉන්නේ නම ගිය ඩීල් කාරයෙක්ගේ බූරු පුත්‍රයෙක්ටයි. ඌත් තාත්තා වගේ හතර වටේටම ඩීල් දාලා රට විනාශ කරනවා.

:       5       14

Prabha Monday, 01 July 2024 12:32 PM

පිරවුම්හලකට බලපත්‍රයක් කියන්නේ බාර් පර්මිට් එකක් වගේම අල්ලසක්. ඒක ලබාගන්න කෙනා ඒ ලාබ දෙන ප්‍රෙද්ශයේ තම වියදමින් ශෙඩ් එක අරින්න ඕනේ.. තෙල් ලබාදෙන්නේ සිපෙට්කෝ එකෙන්.. ඒ කියන්නේ මේක ඡන්ද අල්ලසක්...

:       5       6

sene Monday, 01 July 2024 03:38 PM

පළමුව අරක්කු දෙවනුව තෙල් , ලොක්කා කොහොමද සපොර්ට් ගන්න ලයිට් කනු වලට දෙන ආතල් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17949 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site