IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුත් අවුරුද්දට අලුත් ගායකයෙක්

20160412Sithruwan_1අලුත් හැඩයේ 'නිවාඩුවක්' සමගින් තාරුණ්‍යයේ වෙනස්ම පැතිකඩක් සොයා යන්නට වෙරදරන ඔහු නමින් සිතුරුවන් එස්. සුබසිංහයි.

තාරුණ්‍යය අතර දොලනය වන විනෝදාස්වාදය අතර, නැටුම්, ගැයුම්, රැඟුම් මූලික වෙද්දි මේ යුගයේ ගීත විෂයට නැඹුරුවූ බොහෝ තරුණ තරුණියන් අපට හමුවෙනවා. ඔවුන්ගේ අරමුණු අභිලාෂයන් වෙනස් වෙනස් මුහුණුවර ගත්තත් බොහෝ විට ආදරය පිළිබඳව ගීත නිර්මාණය වීම බහුල අත්දැකීමක්. එතැනින් බැහැරව අම්මා, තාත්තා ගැනත් ගීත නිර්මාණය වෙනවා.

ඒ වගේම හාස්‍යෝත්පාදක ගීත වගේම විප්ලවවාදී ගීතද ඒ අතරට එකතු වෙනවා. නිර්මාණකරුවෙකු නිමැවුම් කරන කලා කෘතියෙන් සමාජයටම ඉදිරිපත්කරනු ලබන පණිවුඩයේ ස්වභාවය, මිනිස් මානසිකත්වය, අදහස් සිතුම් පැතුම් වෙනස් කිරීමට දායක වෙන දෙයක් ලබාදීම ඔහුගේ වගකීමක් වනවා. කොහොම නමුත් තරුණයෙකුගේ වෙනස් කතාවක් ගැන කියැවෙන ගීතයක් අපිට හමුවෙනවා. ඒ පිළිබඳව 'නිවාඩුව' ගීතය නිර්මාපක සිතුරුවන්ගෙන් විමසා බලමු.

"කවි ගීත ලිවීම කාලයක් පුරාවටම මම විනෝදාංශයක් කරගෙන හිටිය දෙයක්. දුක සතුට එක්ක වගේම හුදෙකලා වුණ වෙලාවටත් ගිටාරය වැයීම ගීත ගැයීම මා බෙහෙවින්ම ප්‍රියකළා. ඒ වෙලාවට මම ලියපු ගොඩක් කවි නිර්මාණ ගීතවත් වුණා. ඒ පද පේළිවලට අවශ්‍ය තනුව වගේම හැඩයත් විඳිමින් ගයන්න, ගයමින් වයන්න පුළුවන් විදියටයි නිර්මාණය වුණේ. ඒ තුළ මා ලැබූ අත්දැකීම් එම නිර්මාණවලට එකතුවුණා. බොහෝ කාලයක් කොළඹ නගරය තුළ ගත කරන්නට සිදු වූ නිසාම මට කොළඹ ගැන දැනුණේ ලේසියකට පහසුවකට වැඩිය කලබලකාරීව වගේම, අත්මාර්ථකාමීවයි. කලාවට මා තුළ ඇල්මක් ආශාවක් ඇතිවුණේ මගෙ තාත්තගෙන්. ඒ වගේම ඒ කලාව අදරණීයව හදවතේ තැන්පත් කරගෙන ගමනක් එන්න දිරිය ලැබුණෙ ආදරණීය අම්මගෙන්. ඒ සොඳුරු පරිසරයෙන් මිඳිල මම කොළඹට එන්නෙ රස්සාවකට. මම තෝරාගත් වෘත්තිය වගේම වෘත්තීය පරිශ්‍රයෙත් තිබුණෙ කලාත්මක ගනුදෙනු. ඉතිං ඒ ඒ අත්දැකීම් එක්ක මගෙ නිර්මාණවල හැඩයත් කලාත්මක මුහුණුවරක ගිල්වන්න මට පුළුවන් වුණා. 'නිවාඩුවක්' නමින් මම එළිදක්වපු ගීතයත් මගේ සැබෑ අත්දැකීම් මත නිර්මාණය වූවක්. හුදෙකලාව තුළ, අහිමි වීම් තුළ තරුණයෙකුට හෝ තරුණියකට මුහුණපාන්නට සිදුවන ගැහැට, කර්කෂ අත්දැකීම් තුළින් ගෙන ගීතයකට පණ පොවන්න මම උත්සාහ කළා. මම හිතන්නෙ එම ගීයෙන් කියැවෙන කතාව බොහෝ තරුණ තරුණියන්ගෙ කතාව. ඉතිං එය ඔවුන්ගෙ රසවින්දනයට සමීප වෙයි කියල මම විශ්වාස කරනව."



අදහස් (0)

අලුත් අවුරුද්දට අලුත් ගායකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site