IMG-LOGO

අලුත්ම දුෂ්ඨයා ෂාරුක් ඛාන්

2016-08-23-ent-47

ලබන වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති %ඩුම්^ චිත්‍රපටයේ සිවුවැන්න සඳහා නළුනිළියන් තෝරා ගැනීම පසුගියදා සිදු කළා. මෙහි සුපුරුදු පරිදි ප්‍රධාන හා උප ප්‍රධාන චරිත අභිෂේක් බච්චන්ට හා උදය චොප්රාට ලැබී තිබෙනවා. එහෙත්, මෙහි දුෂ්ඨ චරිතය සඳහා පසුගිය දිනවල තරු කිහිපයකගේ නම් යෝජනා වූ නමුදු අවසානේ %ඩුම්^ සිවුවැන්න නිෂ්පාදනය කරන යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් ඒ සඳහා සුපිරි නළු ෂාරුක් ඛාන් තෝරා ගෙන තිබෙනවා.

මෙහි දුෂ්ඨ චරිතය සඳහා අවසන් තෝරා ගැනීමේදී සුපිරි නළුවන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර, ඒ සල්මාන් ඛාන්, රන්වීර් සිං හා ෂාරුක් ඛාන් තිදෙනාය. සල්මාන් සිය කාර්යබහුලත්වය පෙන්වමින් මෙම චිත්‍රපටයෙන් ඉවත්ව ඇති අතර, අවසානයේ රන්වීර් හා ෂාරුක් ඉතිරිවී තිබුණා. රන්වීර්ද භාරගත් චිත්‍රපට කිහිපයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇති බැවින් පසුව අවසානයේ ෂාරුක්ගේ නම මෙම චරිතය සඳහා තීරණය වී තිබෙනවා.

ෂාරුක් යශ්රාජ් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වන්නේ අවුරුදු 4කින් පසුව වන අතර, ඔහු අවසන් වරට යශ්රාජ් චිත්‍රපටයක් සඳහා සිය දායකත්වය ලබාදී තිබුණේ 2012 වසරේ යශ් චොප්රාගේ "ජබ්තක් හේ ජාන්" චිත්‍රපටය සඳහායි.



අදහස් (0)

අලුත්ම දුෂ්ඨයා ෂාරුක් ඛාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site