IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අරලගංවිල අකාශ වස්තුව වැටුණු තැන රකී

පොළොන්නරුව අරලගංවිල කුඩාවැව ටී ජී ටිකිරිබණ්ඩා මහතාගේ කුඹුරට 2012 දෙසැම්බරයේ ආකාශ වස්තුව වැටුණු පෙදෙස ආරක්ෂා කිරීමට යයි.

මෙම ආකාශ වස්තුව පරීක්ෂා කළ එංගලන්තයේ බකින්හැම් විශ්ව විද්‍යාලයයේ මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ නිගමනය වූයේ පිටසක්වල ජීවීන් සිටින බවට එම පාෂණයේ සාධක ඇති බවයි.

ශ්‍රී ලංකාවට එවැනි පාෂණයක් වැටුණු ප්‍රථම අවස්ථාව මෙයයි. එම නිසා මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතු බවට රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් පරිදි සෙනසුරාදා (25) සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.

 

 

 



අදහස් (0)

අරලගංවිල අකාශ වස්තුව වැටුණු තැන රකී

සුනිල් යහම්පත් Monday, 27 January 2014 03:45 PM

රොෂාන් ප්‍රනාන්දු මහතා සහ චින්තක මහතා යතාර්ථයෙන් මෙතන ප්‍රතිචාර දක්වා තිබෙනවා . එයට බොහෝ ස්තුතියි . බොහෝ අය කරුණු නොදෙන යතාර්ථයක් නොමැතිව ප්‍රතිචාර දමා තිබේ. චන්ද්‍ර වික්‍රමසිංහ ගැන දැන ගන්න අන්තර්ජාලය අවශ්‍ය නැහැ. මම ඔහුව ලඟින් දන්නවා . ඔහු කියා නැහැ මේකේ පිට සක්වලින් ආපු ජීවින් ඉන්නවා කියලා. උගත් විද්වතුන් බොරු කියන්නේ නැහැ කරුණු හරි හැටියට නොබලා හෝ නොදැන.(නදී)

:       0       0

අසෝකා Sunday, 26 January 2014 11:14 PM

2012 වැටුණු තැනට 2014 ආරක්ෂාව දානවා. කොහොමද මොලේ ? (නදී)

:       0       0

ගාමිණී - අප්‍රිකාව Monday, 27 January 2014 12:06 AM

මෙතන ප්‍රථිචාර දාන සමහර අය දිහා බැලුවම අර තල් අත්තට මොනවද වැටුන වෙලේ හාවා කල වැඩේ ගැන මතක් වෙනවා. මුලින්ම පුවත හරියට කියවන්න . ඒ ගොවි මහත්මයට අසාදාරනයක් උණු බවක් මේකේ නැහැ. එතන කිසියම් සාදාරනයක් සිදු වෙලා ඇති. ඊ ලගට අන්තර් ජාලය තුලින් හෝ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ කවුද කියල බලන්න. වර්තමානයේ පිටසක්වල ගැන පර්යේෂණ වලට මේ සිද්දිය කොයි තරම් වැදගත්ද කියන එක හිතන්න බුද්දියක් තියනවා නම් යමක් ලියන්න. (නදී)

:       0       0

විද්‍යා Monday, 27 January 2014 02:18 AM

ඇමරිකාවට අපි නිතර දොස් කීවත් එම රට තමා ආකාෂ තරණයන් පිළිබඳව ඉදිරියෙන් ඉන්නේ. එම නිසා මෙම පාෂාණයෙන් කොටසක් නාසා නම් ආයතනයට ඇරිය යුතුයි.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 27 January 2014 02:37 AM

සුනිල් යහම්පත්, අන්තර්ජාලයට ගොස් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ ගැන කියවා බලන්න. ඔහු ලොව පිළිගත් විද්‍යාඥයෙක්. ඔබටත් ආඩම්බර වෙන්න පුළුවන් ඔහු ගැන. (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 27 January 2014 03:00 AM

සංචාරක හෝටලයක් හදන්නද? (නදී)

:       0       0

සුනිල් Monday, 27 January 2014 03:01 AM

විද්‍යාත්මකව පිටසක්වල ජීවීන් ඉන්නා බව ඔප්පු වී නැත.(නදී)

:       0       0

ලලිත් Monday, 27 January 2014 03:24 AM

එතකොට අර ලංකාවේ මහාචාර්ය තුමෙක් කිව්වා නේද ඔය පිටසක්වල එව්වා නෙමෙයි කියලා? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 27 January 2014 04:51 AM

හරි වැඩේ දැන් ඉතින් මායි ගෑනියි දරුවොයි බඩගින්නේ. කුඹුරත් ඉවරයි. සද්ද නැතිව වලක් හාරලා ඕක වහලා දැම්මා නම් දෙයියනේ කියල අඹු දරුවන් රැක ගෙන ඉන්න තිබුනා. අපොයි මාත් කරගත්ත මෝඩකමක්.(නදී)

:       0       0

සතයයා Monday, 27 January 2014 05:31 AM

පොළොව මත පාලකයින් කියා කොටසක් ඉන්නේ පොළව මත ඇති ජීවීන් හා ගහ කොළ රැක ගන්න මිස ආකාශයෙන් වැටෙන දේවල් රකින්න නොවේ. කරන්න වෙන වැඩක් නැත්නම්, ඔය සැරින් සැරේට වැටෙන දේවල් රකින්න ඉදිරිපත් වුනා ට කමක් නැහැ. (නදී)

:       0       0

චාමික Monday, 27 January 2014 07:14 AM

අකාෂ වස්තු වැටුණු විට අලන්න එපා කිව්වට ඒවා අල්ලලා එකතු කරගෙන තිබෙන්නේ පොලිතින් උරයකට බවයි පෙන්නේ. මිනිස්සුන්ව දැනුවත් කරන්න මේවා අල්ලන්න එපා කියලා. පළමුවෙනි දේ මේවගේ නොදුටු විරූ හානික ක්ෂුද්‍ර ජීවීන් සිටින්න හෝ පිලිකා කාරක විකිරණ නිකුත් කරන්නට පුළුවන්. අනෙක ඔබ මේවා ඇල්ලුවම අපේ ශරීරයේ තිබෙන ජෛව රසායනික නිසා වෙනත් ජීවීන් ගැන තිබෙන සාක්ෂි මැකී යනවා. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 27 January 2014 07:21 AM

මේ ආකාශ වස්තුම ලංකාවේ මහාචාර්ය වරු පරික්ෂා කරලා කිව්වා අකුනකට පිච්චුන ඔය කුඹුරේම මැටි කියලා. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කියනවා පිටසක්වල ජීව කොටස් තියනවා කියලා. ලංකාවේ අය කියන්නේ එම ජිව කොටස් කුබුරේම තිබුණු ශාක සහ සත්ව කොටස් අකුණු සැරෙන් පිච්චිලා ගනවෙලා කියලා. ඔක්කම මහාචාර්යවරු. මේ වැඩෙන් ගොවි මහතාට තමයි පාඩුවෙන්නේ. (නදී)

:       0       0

චින්තක Monday, 27 January 2014 07:23 AM

ටිකිරි බණ්ඩා මහත්තය චන්ද්‍ර වික්‍රමසිංහ ගැන දන්නේ කොහොමද. එයා මුල ඉඳල ඔප්පු කරන්න හදන්නේ පිටසක්වල ජීවින් ගැන. නොයෙක් වර කියූ දේ ඔප්පු කරගන්න බැරි උනා. මේ වරත් මේ පාෂානයට කුඹුරෙන් ජීවින් එකතු උනා වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මොකක් වැටුනත් මිට පස්සේ හෙළි නොකරන එක. (නදී)

:       0       0

ජයසිරි Monday, 27 January 2014 07:51 AM

ඇමරිකාවේ නාසා ආයතනයෙන් පැහැදිලිවම කියාලා තියෙනවා මේක පිටසක්වලින් ආපු දෙයක් නොවෙයි කියාලා. ඇරත් පිටසක්වල ජීවය තියෙනවා කියන්නේ කොහොමොද, මේ ගල් කැලි වලින්. ඒවායේ කිසිම ජීවයක් නැහැනේ. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 27 January 2014 11:33 AM

ජයසිරි මම හිතන්නේ ලංකාවේ සුවිශේෂ ගනයේ පාෂාණධාතු මහාචාර්ය වරයෙක්.එයා හොයනවා පාෂාණ හුස්ම ගන්නවාද කියල! අය්යෝ සිරිසේන!! (අ)

:       0       0

අසාම් Monday, 27 January 2014 12:44 PM

මුලින්ම මේක උල්කාවක් නොවන බව ඒ පිලිබඳ සාමාන්‍ය දැනීමක් තියන කෙනෙකුට තේරෙනවා මේ පින්තුර දිහා බලපුවහම. උල්කාවකට තිබිය යුතු මුලික ලක්ෂණවත් පෙනෙන්ට නැහැ. ග්‍රහවස්තුවක් පොළොවට පතිත වීමට පෙර වායුගෝලයේ තෙරපීමට ලක්වීමෙන් අධික උෂ්ණත්වය නිසා එය සුමට හැඩයක් ගන්නවා.(නදී)

:       0       0

ප්‍රසනන Sunday, 26 January 2014 07:53 PM

අහිංසක ගොවි මහතාගේ කුඹුරත් නැති වෙන පොටක්ද මේ...(දිල්)

:       0       0

කුමාර් Sunday, 26 January 2014 08:42 PM

මේක දවල් හීනයක් වගෙයි (දිල්)

:       0       0

ඉන්දික Sunday, 26 January 2014 08:53 PM

මේ නිසා අහිංසක මනුස්සයට කුඹුරත් නැති වෙයිද?(දිල්)

:       0       0

අරෝෂා ධර්මදාස Sunday, 26 January 2014 09:50 PM

මොනවා වුනත් ලෝකෙට වැදගත් දෙයක් අපේ රටින් හොයාගන්නකොට අහිංසක මිනිහෙකුට කුඹුරක් කොහෙන් ලැබුනම මොකද? (නදී)

:       0       0

සුමිත් බහරේන් Sunday, 26 January 2014 10:26 PM

ආකාශවස්තු කොහොම වුනත්..කිරිබණ්ඩයියට කුඹුර නැතිවෙන.. ..පොටක්...! (දී)

:       0       0

සුනිල් යහම්පත් Sunday, 26 January 2014 10:29 PM

තවත් මනස්ගාතයක් අපේ ශ්‍රී ලංකා විදුවතුන්ගේ . මෙය සත්‍ය සිදුවීමක් නම් අපේ ලංකාවේ විදුවතුන්ට පෙර ලෝකයේ දියුණු රටවල විදුවතුන් මෙය සොයා බලනවා . අන්තිමට කුඹුරත් නැතුව පිට රටවල සත්තුත් නැතුව පාඩුව විද ගන්න වෙන්නේ අහිංසක කුඹුරු හිමියාට (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 26 January 2014 10:35 PM

සුනිල් යහම්පත්, මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ ගැන දන්නේ නැහැ වගේ. (නදී)

:       0       0

නුවන් Sunday, 26 January 2014 10:37 PM

යාලුවනේ ආකාශ වස්තු වලට පිට රට කෝටි ගණන් සල්ලි ගෙවනවා. සංරක්ෂණය කරලා එකතු කරන්න කෙනෙකුත් ඒවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 120 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 810 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 483 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1234 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 572 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3150 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1291 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site