IMG-LOGO

අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහාය

(සුජිත් හේවාජුලිගේ )

රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා  දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද  ( දේශපාලන සහ  ව්‍යවස්ථාදායක ) සහය සහ  උපදෙස්  ලබාගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව  මෙවැනි අර්බුදවලදී  වෙනත් රටවල්  විසඳුම් ලබාගත් ආකාරය සම්බන්ධයෙන්ද මේ දිනවල   අධ්‍යයනය කරගෙන යන බව  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්වූ  ග්‍රන්ථ කිහිපයක්ද මේ දිනවල  පරිශීලනය කරමින් සිටින බව  පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක්  පැවසීය.

එසේම විශ්වවිද්‍යාලවල දේශපාලන හා ආර්ථික  විද්‍යා පිළිබඳ ආචාර්ය , මහාචාර්යවරුන් කිහිප දෙනකුගේද  සහාය දැනටමත් ලබාගෙන ඇත.

පවතින අර්බුදය විසඳීම සඳහා  විවිධ පක්ෂවලින් ඉදිරිපත්වී ඇති යෝජනා කිහිපයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  ඉදිරිපත්වී තිබූ අතර ඒ යෝජනා සම්බන්ධයෙන්ද  විශේෂ අවධානය යොමු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ කරුණු සහ යෝජනා අධ්‍යයනය කිරීමෙන් පසු පැහැදිලි විසඳුමකට පැමිණීමට හැකි වනු ඇතැයිද  කතානායකවරයා සඳහන් කළේය.

රටේ පවතින ආහාර අර්බුදය ඉදිරියේ දී තවදුරටත් උග්‍ර වනු ඇති බවත්  එය උග්‍ර වන්නේ ද  නැතහොත් පාලනය වන්නේද   යන කාරණය තීරණය වන්නේ  පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ හැසිරීම මත බවත්  අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහාය

GDA Deshappriya Saturday, 09 April 2022 09:07 AM

ඒ තරම් සහායක් මොකටද..? ජනතාව ඉල්ලන දේ දුන්නා නම් ඉවරයි...

:       2       7

විනිවිද Saturday, 09 April 2022 05:19 PM

රටේ පවතින ව්‍යවස්ථාදායක අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයින්ගේ සහායද ලබාගෙන වර්තමානයේ පවතින්නා වූ අර්බුද යළිත් ඇති නොවීමට සැමට පිළිගත හැකි මධ්‍යස්ථ ව්‍යවස්ථාවක් රටකට තිබිය යුතුවේ. ව්‍යවස්ථා හෝ දේශපාලන අවබෝධයක් නොමැති රටේ බහුතර පුරවැසියන් පවතින රජයේ නායකයා හෝ පාලනය පලවා හැර විපක්ෂය බලයට ගෙන ඒම විසඳුම වශයෙන් පසුගිය දශක 7ක කාලය තුළ සිදුවූවද මේ වනවිට රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය මුළුමනින්ම කඩාවැටී තිබේ. එයට රටේ දේශපාලකයින් මෙන්ම ව්‍යවස්ථා හෝ දේශපාලන අවබෝධයක් නොමැති රටේ බහුතර පුරවැසියන්ද වගකිව යුතුවේ. ශක්තිමත් ව්‍යවස්ථාවක් නොමැති රටක අවස්ථාවාදී දේශපාලකයින් බලය වෙනුවෙන් රට තුළ අර්බුද ඇතිකර ජනතාව මුලා කර ඔවුන්ගේ බලයේ රැඳීමේ අවශ්‍යතා ඉටු කර ගත්තද රටේ අනාගතය සහ දියුණුව කිසිදිනෙක සිදුවන්නේ නැත. ව්‍යවස්ථාදායක අර්බුදය විසඳීමටද සුදුසුම අවස්ථාව පැමිණ තිබේ...

:       0       7

sujeewa Saturday, 09 April 2022 09:08 AM

අන්තිමට මේ ඉවක් බවක් නැති, දැක්මක් නැති පටු අරමුණු පිරුණු උද්ඝෝෂණ මාලාව නිසා වුණේ අපේ රටේ සියළුම දේට විදේශ අතපෙවීම්වලට ඉඩ සලසා දෙන එකයි, මහජනයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන ව්‍යවස්ථා, නීතිරීති හැදෙන එකයි විතරයි.

:       11       15

Citizen Saturday, 09 April 2022 09:16 AM

ඕකට දෙස් විදෙස්වලින් උපදෙස් ගන්න ඕනෙද​? ඡන්දෙ දුන්නු 69 ලක්ෂයම කියනවානේ මොනවාද කරන්න ඕනේ කියා! ගෝඨාභය සහ ඔහුගේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ... !!

:       10       13

සා.මන්තSaturday, 09 April 2022 02:48 PM

හැටනම ලක්ෂය එළියට බැහැපුවාම යන්න කියන අයට යන්න තැනක් සොයාගන්න බැරි වෙයි.

:       1       10

ජනයා Saturday, 09 April 2022 03:56 PM

තාමත් අපේ රටේ බහුතර සාමාන්‍ය ජනයාට දියුණු රටවල නියෝජිතයින් පත්කරන ක්‍රියාවලිය ගැන අවබෝධයක් නෑ. කට වචනෙට මම අරවා දෙනවා. මේවා දෙනවා කියපුවාම ඉස්කොලේ හිටපු හොඳම මැට්ටන් ටික පත්කර ගන්නවා. ඇත්තම කිව්වොත් දියුණු රටවල නම් තම ක්ෂේත්‍රය පිළිබඳ මනා පලපුරුද්ද, විශේෂඥ දැනුම හා අතීතයේ විශ්වාසය ඔප්පු කළ අයවළුන් විතරයි මෙවැනි තනතුරුවලට එන්නේ... උපාධිය මෙහිදී ප්‍රමාණවත් නොවන අතර අතීතයේ තමා කරඇති රැකියාවල විශ්වාසනීය බව සහ පශ්චාත් උපාධි මට්ටමවත් අවශ්‍යයි. එම රටවල සෑමදෙනාටම පොදුවූ නීතිය ඇති නිසා ජනතාව මෙවන් වගකීම් රහිත හැසිරීම් වලින් ආරක්ෂා වෙනවා. අවුරුදු කිහිපයකට කලින් මේ ව්‍යවසනය කල්යල් බලා නුදුටුවේ මෝඩ ඡන්දකාරයින් හැර ඉලක්කයට වැඩ කරන වගකීමක් සහිත පාර්ලිමේන්තු සංස්කෘතියක් මේ රටේ නැති නිසයි. මේ සිස්ටම් එක කණපිට පෙරලා, ස්වේච්ඡාවෙන් වැඩ කරන අතීත කීර්තියක් දියුණු රටවල වැඩකර ඔප්පුකොට ඇති අයවළුන් පාවිච්චි කරන්න. කටවචන විශ්වාස කරගෙන මෝ‍ළ හතේ යැයි කියාගන්න මෝඩයන්ට ළඟාවීමට නොදෙන්න. අප රැකියාවක් කරනවිට අප ගැන ලිඛිතව ඔප්පු කරනවා නොවේද? එසේ නම් රට පාලනයටත් එසේ විය යුතුයි. ජන විඥාණය දියුණු කිරීම උගත් තරුණයින්ට කිරීමට අත දෙන්න.

:       0       9

Dharmatileke Saturday, 09 April 2022 05:29 PM

වියත්මග විපත් මග වුණාමයි..., මෙරට සහ පිටරට විශේෂඥයෝ හොයන්නේ...! 

:       2       4

ජන හඩSaturday, 09 April 2022 06:56 PM

වියත් මගේ සිටි සැවෝම වියතුන් නොවන බව දන්නෝ දනිති. කාබනික පොහොර වැඩේ වර්චස් කරගත්තේ වියතෙක්ද? ඔක්සිජන් එපා කිව්වේ වියතෙක්ද? වියත්තු පගා ගහන්නේ නෑ කියන්නේ නෑ. ඒකට තමා රටේ නීතිය සැමට එකසේ අවශ්‍ය... ඒ වගේම අතීතයේ රැකියාව හා හැකියා වාර්තා අවශ්‍යයයි. මේ රජය උඩින්ම තියාගෙන හිටියේ මැට්ටන් සෙට් එකක්ව. වියත් මග කියන එකත් දේශපාලකයින් වන්දනා කළ මෝඩ සංවිධානයක්. සැබෑ වියතුන් පස්සා දොරෙන් පලා ගියේ වන්දි භට්ට කෝළං දැකලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 397 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 959 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site