IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අරණායක සාමසර කන්ද නාය යයි : කඳු පාමුල පවුල් 200ක් නූලෙන් බේරෙති

මාවනැල්ල - අරණායක, හත්ගම්පළ එළඟපිටිය කන්ද අද (17) පස්වරුවේ නාය යාමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

එම ප්‍රදේශයේ නිවාස 120ක් පමණ ඇතැයි වාර්තාවේ.

පොලිසිය, හමුදාව හා ආපදා කළමනාකරණ නිලධාරීන් එම ප්‍රදේශයේ ආපදාවට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව එහි ගොස් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතා පවසයි.

අද සවස් කාලයේ කන්දේ ගල් පෙරළීම් හා නාය යෑම් සිදු වෙන බැවින් එළඟපිටිය ජනපදයේ ඇතැම් පිරිස් සහන සේවා සොයා පැමිණ ඇතැයි අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මෙ වන විටත් වර්ෂාව පතිත වන අතර ගල් පෙරළීම් හා නාය යෑම් දිගටම සිදුවිය හැකි බවට ආපදා කළමනාකරණ නිලධාරීහු අනතුරු අඟවා ඇත.

නිවාස රැසක්ද මේ නිසා කැඩී බිඳී ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු කියති.

එළඟපිටිය කඳු මුදුනේ පිහිටි සාමසර විහාරස්ථානය පළමුව නාය යෑමට ලක් වු බවද කියති. මේ වන විට පවුල් 200ක් පමණ දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලය, හත්ගම්පොළ පන්සල  සහ අවට පාසලක අනාථ කඳවුරුවල රඳවා සිටින බවද ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.

01(2) 02(1) 03(1) 04(2)



අදහස් (0)

අරණායක සාමසර කන්ද නාය යයි : කඳු පාමුල පවුල් 200ක් නූලෙන් බේරෙති

ධම්ම Wednesday, 18 May 2016 01:35 AM

දේවො වස්සතු කාලෙන... රාජා භවතු ධම්මිකො... (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 18 May 2016 03:07 AM

දේවො වස්සතු කාලෙන... රාජා භවතු ධම්මිකො... (නි)

:       1       4

උපාලි Wednesday, 18 May 2016 03:29 AM

ස්වභාව ධර්මයේ අසීමිත මහා බලය ඉදිරියේ අපි නිකම්ම නිකන් මීයෝ වැනිය. ඒක දැනගෙන ස්වභාව ධර්මයට අනුගතව පරිසරය, ගහකොළ රැකගෙන නොහිටියොත් ස්වභාව ධර්මය මීට වඩා දරුණු දඬුවම් අපට දෙයි. (නි)

:       0       0

සෙනරත් Wednesday, 18 May 2016 03:29 AM

මේ මිනිසුන්ට රජය මොකුත්ම උපකාරයක් කරන්නේ නැත්ද? මේකද කියපු යහපාලනය? (නි)

:       0       0

චින්තක Wednesday, 18 May 2016 12:01 PM

සෑම දෙනාම සිතන්න තමන්ට මෙවැනි දෙයකට මුහුණ දෙන්න වුනානම් කියලා. ඉක්මනටම මෙයාල ගැන සොයා බලන්න රජය කටයුතු කලයුතුවේ. (ර)

:       0       0

මොරවක Wednesday, 18 May 2016 03:49 AM

මේ අසරණ මිනිසුන්ට ඉක්මන් සහන ලැබේවා! (නි)

:       0       0

ඉසුරු Wednesday, 18 May 2016 04:13 AM

මේ මිනිසුන්ගේ ජීවිත බේරුන එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 18 May 2016 04:16 AM

අසරණබාවයට පත් සියලු දෙනාටම ඉක්මන් සහනයක් ලැබේවා! (නි)

:       0       0

මාලිංග Wednesday, 18 May 2016 04:20 AM

මට දැනෙන දුක කියන්න වචන නැහැ (නි)

:       0       0

නිමාලි Wednesday, 18 May 2016 04:25 AM

මුලින්ම සන්නිවේදන කුළුණු සදහා කඳුමුදුන් එළිකිරීම නැවැත්විය යුතුයි (නි)

:       0       1

සතිෂ් Wednesday, 18 May 2016 04:29 AM

ධම්ම, එවෙලේම විපාක දෙන්න නම් ඉතා ප්‍රභල කර්මයක් වෙන්න ඕනෑ. පසුගිය කාලේ "රාජා භවතු ධම්මිකෝ" වෙච්ච ඒවායේ රඟ තමයි දැන් විඳින්නේ! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 18 May 2016 04:28 AM

හැම දෙයක්ම හදාගන්න පුළුවන්. එ්ත් නැතිවුණ ජීවිත. අනේ මොනතරම් දුකක් දැනෙනවා ඇද්ද. (නි)

:       0       0

චින්තක Wednesday, 18 May 2016 04:48 AM

දන්සල් දෙන්න ඕනෑ මේ වගේ තැන්වලට නේද? සියළු දෙනා එකතුවෙමු (නි)

:       0       0

ගුණරත්න Wednesday, 18 May 2016 04:50 AM

සිදුවුණු විපත ගැන ඉතා කණගාටුයි.දැන්වත් පටු දේශපාලන වාද භේද දුරලා දේශපාලන වාසි නොතකා නිකරුනේ කරන අනවශ්‍ය වියදම් අතහැර රජයක් ලෙස ඍජුව මැදිහත්ව විපතට පත්වූවන්ට පිහිට වෙන්න. (නි)

:       0       0

ශශිකා Wednesday, 18 May 2016 05:32 AM

අනේ දෙවියනේ මේ මොන විනාශයක්ද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 18 May 2016 05:32 AM

දේශ දේශපාලකයන් රටේ වනාන්න්තර විනාශ කිරීමට මුලිකයෝ වෙනවා. (ර)

:       0       0

මොහාන් Wednesday, 18 May 2016 05:37 AM

විපුල මෝඩ කතා කියන්න එපා. වැට් බදු කපන්නේ ගන් වතුරක් ආවාම ගෙවල් හදල දෙන්න නෙමේ. පහුගිය අවුරුදු 20 ක ඉතිහාසය අරන් බැලුවාම මේ වගේ අනතුරු , ආපදා වෙලා තියෙනවා හැම අවුරුද්දකම මැයි , ජුනි මාස වල. (ර)

:       0       0

මොහොට්ටි Wednesday, 18 May 2016 05:41 AM

මේ වගේ දුෂ්කර පැති වල කැලය කපන එක ගැන කුමන කතා ද? (ර)

:       0       0

දේවි Wednesday, 18 May 2016 06:28 AM

රාජා ධම්මිකෝ වුවාට ප්‍රමාණවත් නැත .ජනතාවත් ධාර්මික විය යුතුය.(බ)

:       0       0

විපුල Tuesday, 17 May 2016 04:12 PM

අපේ සාක්කුවෙන් කපන වැට් බදු මුදලින්වත් ගෙවල් හදලා දෙන්න (නි)

:       0       0

ගුණේ Wednesday, 18 May 2016 06:42 AM

පින්වතුනි ගුණ දහම් දියුණු කරගන්න, මහන්සි ගන්න , දුක් කරදර අඩු තැන ජිවත් වෙන්න පින පෑදෙනවා . (ම)

:       0       0

රත්න Tuesday, 17 May 2016 06:43 PM

ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. මේවා සිද්ධවෙන්නේ කැලේ විනාශකිරීම නිසා බවත් අපි තේරුම්ගත යුතුයි (නි)

:       0       0

ටිකිරි Tuesday, 17 May 2016 10:42 PM

අනේ දෙවියනේ, මේ මොන විනාශයක්ද රටට වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site