IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අරණායකින්/ බුලත්කොහුපිටියෙන් සිරුරු 15ක්

අරණායක නාය යාමෙන් මියගිය 12 දෙනකුගේ සිරුරුද බුලත්කොහුපිටිය නාය යෑමෙන් මිය ගිය තිදෙනකුගේ සිරුරු ද අද (18) උදේ සොයාගත් බව සහන සේවකයෝ කියති.

පොලිසිය, යුද හමුදාව, ගම්වාසීන් හා ස්වේච්ඡා සේවකයෝ අතුරුදන් වූවන් සෙවීම අද යළි ඇරඹූහ.

අරනායක 50ක් අතුරුදන්  පෙ.ව. 8:27

අරනායක නායයෑමෙන් අතුරු දන්වූ තුන් දෙනකුගේ සිරුරු සොයා ගත් බවත් තවත් 50 දෙනකුට වැඩි පිරිසක් සෙවීමේ මෙහෙයුම් අරඹා ඇති බවත් අපදා කළමනාකරණ නිලධාරීහු කියති.

ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියනුයේ සිරිපුර, එළඟිපිටිය ඇතුළු ගම්මාන තුනක පවුල් 220ක් පමණ අතුරුදන්ව ඇති බවයි.

වියන්වල පන්සලේ 80 දෙනකු පමණ සිටින බවත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බවත් රතුකුරුස සංවිධායන කියයි.

13249377_1289178411111081_1907029488_n 13219960_1289178417777747_1253285037_n 13220060_1289179037777685_605216499_n 13233334_1289178397777749_469033935_n

ජායාරූප - රතු කුරුස සංවිධානය අනුග්‍රහයෙනි.

aranayake_201651803_1 aranayake_201651803_2 aranayake_201651803_3 aranayake_201651803_4

ඡායාරූප - සමන් විජය බණ්ඩාර

 



අදහස් (0)

අරණායකින්/ බුලත්කොහුපිටියෙන් සිරුරු 15ක්

රන්ජන් Wednesday, 18 May 2016 09:23 AM

මෙවර මහා දන් සැල් දෙනවට වඩා නරකද ඒ මුදල් වලින් මේ අසරණ අයට පිහිට වීම අපේ රටේ කිසිම කෙනෙක් කෑම බීම නැතිව නොමරන නිසා මේ විපතට පත් අයට පිහිට වෙන්න මේ මොහොතේ ඉතාම පින් (බ)

:       0       0

සමන් Wednesday, 18 May 2016 09:24 AM

ඉසුරන්දි ඒවුනාට ගරහන්නේත් අපිට ම තමයි (බ)

:       0       0

චානක Wednesday, 18 May 2016 03:42 AM

අනේ මෙහෙමත් විපතක්! සියලු දෙනා සුවපත් වේවා! (නි)

:       0       0

බන්දුල Wednesday, 18 May 2016 03:46 AM

අනේ දෙවියනේ! මෙවන් දුකක් ඉපදෙන අාත්මෙක සිදුනොවේවා! (නි)

:       0       0

ගයානි Thursday, 19 May 2016 09:52 AM

වීරෝධාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 18 May 2016 04:23 AM

මේ මොන විපතක්ද? හැම දෙයක්ම වෙන්නේ අහිංසක මිනිසුන්ට. පවුල් 220 කියන්නේ තව කීදෙනෙක් කරදරයට පත්වෙලාද? අතුරුදන්වෙලා කියන්නත් හිතට ශක්තියක් නැහැ. දෙවියන්, බුදුන් සිහිකරලා ඉල්ලන්නේ ලොකු විනාශයක් නොවේවා කියලයි....... (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 18 May 2016 04:39 AM

දේශපාලුවෝ ගස් කපනවා, එතකොට කඳු නාය යනවා. අහිංසක මිනිස්සු මැරෙනවා. (නි)

:       0       0

ශශිකා Wednesday, 18 May 2016 04:46 AM

ඉතා කණගාටුදායකයි. හතුරෙකුටවත් මෙවන් විපත් නොවේවා! විපතට පත් අයට හැකි විලසින් අපි සැවොම එක්වී සහන සළසමු. මියගිය සියල්ලන්ට නිවන් සුව! (නි)

:       0       0

ලෙහාන් Wednesday, 18 May 2016 04:52 AM

අනේ මොන අපරාධයක්ද සිද්ධවුණේ. ඔබලාට කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා! (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 18 May 2016 06:02 AM

මෙච්චර විනාශයක් රටේ සිදු වෙලා තියෙනකොටත් සමහර අය දේශපාලනය කතා කරනවා. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 May 2016 06:33 AM

කවදත් අපිට පිහිටට හිටියේ ඉන්නේ අපේ රණවිරුවෝ පමණයි. (බ)

:       0       0

මනෝජ් Wednesday, 18 May 2016 06:39 AM

මියගිය සැමට නිවන්සුව පතමි.! (ර)

:       0       0

ධම්ම Wednesday, 18 May 2016 06:38 AM

මෙවන් විපතක් යලි නොවේවා.! (ර)

:       0       0

ජබීර් Wednesday, 18 May 2016 07:08 AM

වීරෝදාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය. (ර)

:       0       0

ලෙහාන් Wednesday, 18 May 2016 07:10 AM

ඉක්මනින්ම වැස්ස නතර වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

සෑම් Wednesday, 18 May 2016 07:23 AM

වෙලා තියන දේ දැක්කාම දුක හිතෙනවා . මියගිය අයට නිවන් සුව. (ර)

:       0       0

චාරුකා Wednesday, 18 May 2016 07:42 AM

හරිම දුකකි (බ)

:       0       0

ඩයස් Wednesday, 18 May 2016 07:51 AM

මෙගා පොලිසිය මීට වඩා කාර්යක්ෂමව නගර නිර්මාණ කටයුතු කළ යුතුයි. අඩුම තරමින් එක ආදර්ශ නගරයක් ගොඩ නගමු. මේ මරණ වලට අපිම වග කිව යුතුයි මේ වැසි සමයේ එක ගසක්වත් සිටුවමු. (බ)

:       0       0

මැගිලින් Wednesday, 18 May 2016 08:06 AM

මොනතරම් ශෝකජනකද? අහිංසක ජනය පවුල් පිටින්ම අතුරුදහන් වෙනවා. දේව සාපයක් වගේ. බුදුබණ සිහිකරමින් ඔවුනට නිවන්සුව පතමු.එසේම තැන තැන මිනී මරණ නොයෙකුත් අපරාධ කරන අපරාධකරුවන්ට තමන් කළ සහ කිරීමට සැලසුම් කරන දේවල් සම්බන්ධව කලකිරීමක් සහ ඒවා නැවත කිසිදින නොකිරීමටත් මෙමගින් හොඳ පාඩමක් උගන්වා ඇත (බ)

:       0       0

ඉෂාක් ජුනයිදීන් Wednesday, 18 May 2016 08:57 AM

පොලිසිය, යුද හමුදාව, ගම්වාසීන් හා ස්වේච්ඡා සේවකයෝ පිහිටට ඉන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site