අරනායක සාමසර කන්දේ නාය යෑමෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීමේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයෙන් විමසීමක් කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය දැනුම් දෙයි.
නායයෑම සිදුවූ ස්ථානයට ආසන්න කඳවුරුවලට පමණක් විශාල පිරිසක් පැමිණ සහනාධාර ලබා දෙන බවත්, ඈත පිහිටි කඳවුරුවලට ලැබෙන ප්‍රමාණය අඩු බවත්, ඔවුන්ගේ අවශ්‍යතා මත භාණ්ඩ බෙදා හැරීම සඳහා සියලු ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.
මේවන විට අත්‍යවශ්‍ය ආධාර ලෙස දිත්‍රික් ලේකම් කාර්යාලයය ලැයිස්තුවක් සකස් කර ඇත.
පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැදුරු, කොට්ට, ලන්තෑරුම්, ළිං පිරිසිදු කිරීමට වතුර මෝටර, පාසල් ළමයින්ගේ උපකරණ කට්ටල, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා, පිරිමින් සඳහා ඇඳුම්, මුළුතැන්ගෙයි උපකරන කට්ටල, ටෙන්ට්රෙදි, නිවාස තැනීමට තහඩු සහ තාවකාලික වැසිකිලි අත්‍යවශ්‍ය ආධාර ලෙස ලැයිස්තු ගර කර තබේ.
දැනට අවට පාසල් වලට හා පංසල් වල තාවකාලික කඳවුරු තනා තිබුණද පාසල් වැඩ ආරම්භ කිරීමෙන් පසු කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යෑමට සිදුවන බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය කියයි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පරිපාලන නිලධාරී කාර්යාලයයේ 035 2222237 සහ 071 45 14 680 අංකවලට කතා කර ආධාර ගෙන ඒමට පෙර සම්බන්ධීකරණය කර ගන්නා ලෙස ද දිසාපති කාර්යාලයය දැනුම් දෙයි.
විපතට පත්වූවන්ගේ අවශ්‍යතා සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පිරිස් ලංකා බැංකුවේ කෑගල්ල ශාඛාවේ දිස්ත්‍රික් ලේකම් නමින් ඇති අංක 0007042326 ගිනුමට මුදල් බැර කර රිසිට් පත් 035 2232620, 035 2222603 සහ 035 2222782 අංකවලට ෆැක්ස් කරන ලෙස ද දිස්ත්‍රික් ලේකස් කාර්යාලයය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අරණායකට අත්‍යවශ්‍ය ආධාර ලැයිස්තුවක් සකස් කරයි
මනෝජ් Monday, 23 May 2016 08:05 AM
අපිට මේවා දෙන්න පුළුවන් ඒත් මුණු පොතේ අරනායක අාධාර කොල්ල කනවා කියල ලිපි යනවා. මේවා ඇත්තද. ඇත්තනම් රාජ්‍ය නිලධාරීන් ගැන අපිට තියෙන්නේ මාර පිළිකුලක්. ඒ නිසා අාධාර මිනිස්සුන්ටම දෙන එක තමයි හොඳ (බ)