IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අයි. සී. සී. සම්මාන උළෙලේදී සංගක්කාරට සම්මාන දෙකක්

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) අට වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර වසරේ එක්දින ක‍්‍රීඩකයා සහ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා යන සම්මාන දෙකම හිමිකර ගැනීමට සමත්විය. ජනප‍්‍රිය ක‍්‍රීඩක සම්මානය සඳහා ලොව පුරා ක‍්‍රීඩා ලෝලීන්ගේ ඡන්ද විමසීමට කුමාර් සංගක්කාර සමග හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), ජොනතන් ටෙ‍්‍රට් (එංගලන්තය), ක‍්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) සහ මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) ඇතුළත් වුහ. ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීමට 2010 අගෝස්තු මස 11 වැනිදා සිට මේ වසරේ අගෝස්තු මස 11 වැනිදා දක්වා තරග සැළකිල්ලට ගෙන තිබෙන අතර එම කාලය තුළ සංගක්කාර එක්දින තරග 25 කදී ශතකයක් සහ අර්ධ ශතක හතක් සමගින් ලකුණු 1,049 ක් රැුස්කර තිබේ. 55.21 ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සංගක්කාර සමත්ව තිබේ. එම තරග 25 යේදී කඩුලූ රකින්නා ලෙස උඩ පන්දු 26 ක් සහ ස්ටම්ප් කිරීම් 10 ක් සමගින් දවාගැනීම් 36 ක්ද ලබා තිබේ. සංගක්කාර සමග  ඕස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන්, ඉන්දියාවේ ගෞතම් ගාම්බීර් සහ දකුණු අප‍්‍රිකාවේ හසීම් අම්ලා වසරේ එක්දින කී‍්‍රඩකයා සඳහා නිර්දේශවී සිටියහ. සංගක්කාර වසරේ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ද පත්විය.



අදහස් (0)

අයි. සී. සී. සම්මාන උළෙලේදී සංගක්කාරට සම්මාන දෙකක්

පාලිත ගුණතිලක Wednesday, 14 September 2011 10:11 AM

අපේ සුබ පැතුම් චිරාත් කාලයක් ලෝකේ ක්‍රිකට් ලෝලීන් පිනවීමට වාසනා ගුණය ලැෙබ්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 28 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 842 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site