IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අයි එම්.එෆ් එකඟතා වෙනස් කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

මූල්‍ය  අරමුදලේ එකඟතා කිසිවක් වෙනස් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී අද(15)පැවසීය.

පාර්ලිමේන්තු බලය සමඟ තමා රට ස්ථාවර කළ බව කී ජනාධිපතිවරයා දැන් තමා ජනවරමක් ඉල්ලන්නේ විප්ලවයක් සිදු කිරීමට බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදල ද අවධාරණය කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහනුවර නගරයේ පොදු වෙළඳපොළ භූමියේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

අද ජනාධිපති ධුරය සඳහා වරමක් ඉල්ලන්නේ නීතිය සාමය ඇති කර ජනතාව ජීවත් කරවීම සඳහා ඉදිරිපත් නොවී පලා ගිය අයයි. ජනතාව ජීවත් කරවන්න කැමති නම් එදා රට බාර නොගත්තේ ඇයි? 

රටේ දේශපාලකයන් නිර්ධන පංතිය අතහැර දමා ඇතැයි අනුර කුමාර කියනවා.නිර්ධන පන්තිය ගැන මෙතරම් කැක්කුමක් තිබුනා නම් එදා රට බාරගත්තේ නැත්තේ ඇයි?

ජනපති තරඟයෙන් මා ඉල්ලා අස්වීමට හදනවා යැයි සජබෙ කියනවා. මා ඉල්ලා අස් නොවන කෙනෙක් බව ඒ අය දැනගත යුතුයි. ඒ අය වගේ මා රේස් සපත්තු දාගෙන දුවන කෙනෙක් නොවන බවත් ඔවුන් දැනගත යුතුයි.

මා සමග එක්වන්නැයි  එජාපයේ සියලු පාක්ෂිකයන්ට මා කියනවා.සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ආරාධනා කරනවා.එවිට දුවන්නේ නැතිව ඉන්න උගන්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා.කවුරු බලයට ආවත් එම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල වෙනස් නොකරන බවත් ඔවුන් සඳහන් කරනවා.

අනුර කුමාර මට විවාදයකට කතා කරනවා.මෙම විවාදයට සූදානම් බව මම කියා තිබෙනවා. නමුත් තවම දිනයක් ලබාදී නැතැයි ජනාධිපතිවරයා කීය.

 



අදහස් (8)

අයි එම්.එෆ් එකඟතා වෙනස් කරන්නේ නෑ

Chandima Sunday, 15 September 2024 03:07 PM

රට පාලනය වෙන්නේ අයි එම් එෆ් එකට ඕනෑ විදියට නම් ජනාධීපති කෙනෙක් මොකටද?...

:       19       46

Asela Sunday, 15 September 2024 04:41 PM

යන්න සීයේ යන්න. IMF කියන්නේ ඔහෙගේ බූදලයක් නෙවෙයි. නව ජනාධිපති සමඟ අලුත් කොන්දේසි වලට එකඟ වීමට IMF දැනටමත් ප්‍රකාශ කර අවසන්...

:       13       29

Dharmatileke Sunday, 15 September 2024 05:25 PM

ඒක කරන කෙනා ඔහේ නෙවෙයි...!

:       13       16

chandani Sunday, 15 September 2024 05:29 PM

නාකියෝ, රටේ මිනිස්සු බය කරන එක දැන් නවත්වපන්. IMF එක ප්‍රකාශ කරලා අවසන් පත්වන ඕනෑම රජයක් සමග සහයෝගයෙන් වැඩකරන බවට... ඔයා හිතන්නේ අපිට අකුරු කියවන්න බැහැ කියලද? අපි දන්නවා ඔයා කපටියෙක් බව. 21 වෙනිදාට රටේ ජනතාව හොම්බෙන් යන්නම වැඩ සිද්ද කරයි...

:       11       20

Perera Sunday, 15 September 2024 06:43 PM

අපේ තීරණයත් වෙනස් වෙන්නේ නැ...ගෙදර අරිනවා අරිනවාමයි...

:       2       8

Nishan Monday, 16 September 2024 04:36 AM

මාලිමාව කියන්නේ අයි.එම්.එෆ්. එක එලවනවා කියලා.

:       9       1

chandima Monday, 16 September 2024 07:36 AM

නරියා මිදි තිත්තයි කිව්වා වගේ තමයි... ඡන්දයකින් දිනලා එනකල් සාකච්ඡා බැ කියලා අයිඑම්එෆ් එකෙන් කියලා..එක කෙලින්ම නොකියා බයිලා කියනවා

:       2       6

Rata Perata Monday, 16 September 2024 11:48 AM

මෙවැනි කතා අහන්න තවදුරටත් ජනතාව සුදානම් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site