
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්) ප්‍රතිකාර ලබමින් සිට ඉන් පැනගොස් සිටියදී හඳුනාගත් ආසාදිතයා, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන්නෙකි. අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳී සිටි ඔහුට එහිදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහුවුරු වීමෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යවා තිබිණි.
පසුගිය සිකුරාදා(24) දිනයේදී එම ආසාදිත පුද්ගලයා එම රෝහලෙන් පැන ගියේය. පසුව කොළඹ ජාතික රෝහල ආසන්නයේදී රැඳී සිටියදී එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු විසින් ඔහුව හඳුනාගන්නා ලද අතර, නැවත අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රැගෙනවිත් තිබිණි.
එම තැනැත්තා රෝහලෙන් පැන ගිය පසු සබඳතා පැවැත්වූවන් හඳුනාගැනීම සහ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
16844
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා කන්දකාඩුවට