IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයිඑම්එෆ් ණය තව සති දෙකකින්?

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි.

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ලබාගැනෙන මෙම ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 100 - 200 අතර අගයක් වනු ඇති බව සඳහන්ය.

පසුගිය දින කිහිපයක පුරාම මෙම ණය මුදල ලබාගැනීම සඳහා කොළඹදී සාකච්ඡා පැවැත්වුණු අතර දැන් ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙමින් ඇත.මෙම සාකච්ඡා වලට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන්ද එක්ව සිටිති.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට බව භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.මුදල් ලබාදීමට ප්‍රථමයෙන් රටේ ආර්ථික පද්දතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇති බවද,ආයෝජන සිදුකිරීම පහසුවන ලෙස දැනට තිබෙන බාධක ඉවත්කළ යුතුව තිබෙන බවද, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අදහස යැයි ඒ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

අයිඑම්එෆ් ණය තව සති දෙකකින්?

කෝසල Monday, 18 April 2016 06:05 AM

දැන් සල්ලි ලැබෙනවනේ. දැන්වත් දෙවියන්ගේ නාමෙන් බඩු මිල අඩුකරන්න. (නි)

:       0       0

චන්දා Sunday, 17 April 2016 11:42 AM

මොනවා? රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයකුත් තිබෙනවද? මේ ඇහුවාමයි (නි)

:       0       0

චන්දා Sunday, 17 April 2016 11:48 AM

යහපාලන ආණ්ඩුව බහුතර ඡන්දයෙන් කරට ගත් මිනිසුනි, විඳවනු ඉතින් දැන් දිගට හරහට! (නි)

:       0       0

ධම්ම Sunday, 17 April 2016 02:11 PM

අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපට ආදරෙයි. බලන්න අපි මේ සල්ලි නාස්ති කරයි කියලා දාලා තිබෙන කොන්දේසි ගැනත් ටිකක්. (නි)

:       0       0

යසස් Sunday, 17 April 2016 06:43 PM

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව පාලනයට හරිහැටි පරිපාලනය කරගැනීමට හැකියාවක් නොමැති බවයි අපිට නම් හැඟෙන්නේ (නි)

:       0       0

රොකී Monday, 18 April 2016 01:15 AM

විදේශ වලින් ණය ගන්නේ නැතුව අපේම කෙනෙක්ගෙන් ණයක් ගන්න සාකච්ඡා කළොත් නරකද? පොළිය ටිකක් වැඩි වුණත් කමක් නැහැ, අපේ මිනිස්සුනේ! (නි)

:       0       0

ලෙස්ලි Monday, 18 April 2016 02:28 AM

අනේ මන්දා අපිට මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

ප්‍රසන්න Monday, 18 April 2016 12:26 PM

මෝඩයෝ රටේ ලොක්කෝ වුනහම ඕවා වෙනවා.අපට දුක අපේ පක්ෂය ගැන 2002 දී වගේ වෙයිද කියල. (බ)

:       0       0

සුජීව Monday, 18 April 2016 03:11 AM

ණය වලින් තොරව රට ගෙනියන වැඩපිළිවෙලක් අපි කවදාද හදන්නේ? හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට බැණ බැණ ණය ගන්න එක මිසක් ණය උගුලෙන් ගැළවෙන්න හිතන්නේ නැහැ. දවසින් දවස ණය ප්‍රතිශතය වැඩිවෙනවා. මෙහෙම ගිහින් අපි මහා විනාශයකට යන බව තේරුම් ගන්න ආණ්ඩුවක් අපිට ඕනෑ. (නි)

:       0       0

මුණසිංහ Monday, 18 April 2016 03:12 AM

මේ සල්ලි අාපහු ගෙවන්න ඕනෑ නැද්ද? මේවත් අපේ ණය බරට එකතුවෙනවා නේද? අපේ ණය බරට වගකියන්න ඕනෑ කවුද? මේවායින් අපිට ගොඩ එන්න පුලුවන්ද? ණය ගත්තා කියලා පහුගිය ආණ්ඩුවට කවුරුහරි දොස් කිවුවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site