IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අම්මයි දරුවන් දෙන්නයි එළියට ඇද දමා නිවස බිමට සමතලා කරලා

(රොෂාන් දිලිප් කුමාර)

හම්බන්තොට,මයුරපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැඳුණු මැර පිරිසක් එහි පදිංචිව සිටි මවට පහර දී දරු දෙදෙනා සමග ඇය එලියට ඇද දමා නිවෙස කඩා බිඳ විනාශ කර ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය කියයි.

පනස් දෙනකුට අධික මැරයන් පිරිසක්  නිවෙසට කඩා වැදී පහරදී දරුවන් දෙදෙනා සමග තමා එළියට ඇද දමා නිවෙස කඩා බිඳ දැමූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

කුඩා නිවසක් සදාගත් එම  ඉඩම වෙනත් පාර්ශවයකට අයත් බව පවසමින් එම  ඉඩමෙන් ඉවත්වෙන ලෙස අවස්ථා කීපයකදී බලපෑම් කර ඇති බවද ඒ සම්බන්දව අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදු කොට ඉඩම් ගැටලුව නිරාකරණය කිරීම සදහා මයුරපුර මහවැලි අධිකාරී කාර්යාලයටද යොමු කර ඇත.

සංචරණ සීමා ලිහිල් කෙරුණු පසු ඉඩම් ගැටලුව නිරාකරණය කර දෙන බවට මහවැලි කාර්යාලය දෙපාර්ශවයටම දැනුම් දී තිබියදී තර්ජනය කර,පහරදී නිවස කඩා දැමීමේ සිද්දිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.



අදහස් (9)

අම්මයි දරුවන් දෙන්නයි එළියට ඇද දමා නිවස බිමට සමතලා කරලා

jagath Wednesday, 09 June 2021 07:40 PM

උපරිම සාධාරණය ඉටුකරන්න.හරි වරද නොදනී.නමුත් කරා තියන වැඩේ අන්තිම ජරා පහත් වැඩක්

:       0       158

Ruwan Wednesday, 09 June 2021 09:01 PM

මොනතරම් පහත් කාලකණ්නි ජාතියක්ද මේ? ශිෂ්ඨ සම්පන්න කියන, සංස්කෘතිය ගැන කතා කරන, බොරු පුරාජේරු කියවන්න දක්ෂ මේ ලෝකයෙන් වඳවෙලා යා යුතුම අමන, පහත් ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ... කොහොම වුණත් මේ අහිංසක මිනිසුන්ට සාධාරණ ඉටුකර දෙන්න...

:       154       340

damith Wednesday, 09 June 2021 09:08 PM

50 දෙනෙක් ඇවිත් කරපු ලොකුකමක්... ඒ සමාජයේම හැටි හිතාගන්න පුළුවන්... බලමු පොලිසිය අතට ගන්නේ මොන නීති පොතද කියලා...

:       0       129

Kodi Wednesday, 09 June 2021 09:30 PM

කොරෝනා, නුඹ මෙවන් මිනිසුන් සිටින රටකට නොපැමිණියේ නම් පුදුම විය යුතුයි.

:       0       0

නාමල් Wednesday, 09 June 2021 10:37 PM

නුවර එළියේත් මේ සෙල්ලම දොඩම්පේලා ජයටම කරනවා...!!!

:       0       0

Vipula Shantha Thursday, 10 June 2021 12:36 AM

පින්තූර ටික බලනකොට පපුව පත්තු වෙලා ගියා. මගේ පුතාත් ඒ කොලු පැංචාගේම වයසේ වගේ... අනේ ඉතින් මේ අසරණයාට කාගේ පිහිටක්ද?

:       0       0

Rata Perata Thursday, 10 June 2021 02:13 AM

සෙල්ලම් පිස්තෝලකාරයින් වෙනුවට දැන් අලුත් පිරිසක් ඇවිල්ලා වගේ... මේ අය සෞභාග්‍යයේ දැක්මේ කට්ටිය වෙන්න බැරිද? නිල් බලකාය වෙන්නත් පුළුවන්...!!!

:       0       0

Malika Thursday, 10 June 2021 08:16 AM

මොන අමන ක්‍රියාවක්ද? මේ වසංගතයක් හැදිලා මිනිසුන් මැරී වැටෙන කාලයක කරන්න පුලුවන් වැඩක්ද මේ? අර පොඩි දරුවන් ගැනවත් හිතලද අඩුතරමින්... පුදුම කලකන්නි ජාතියක් මේක.... මේ වගේ මහපොළව නුහුලන අපරාධ කරන අයට දඬුවමක් නැද්ද?

:       0       0

janaka Thursday, 10 June 2021 08:43 AM

මේවා ගැන ගත්ත ක්‍රියාමාර්ග ගැනත් දැනුවත් කරන්න. එතකොට රටේ ජනතාව දන්නවා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 44 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 372 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1546 5

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2640 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1078 1

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 498 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site