IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අමරසිරි සහ කසුන් එකම වේදීකාවක

 2016-05-06-ent-01

අමරසිරි පීරිස් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත කිහිපයක පැවැති සංගීත චාරිකාවකින් පසුව පෙරලා මව්බිමට පැමිණ දින දෙක තුනකට වඩා නොමැත. මෙවර ඔහු ඇමරිකා ගියේ විශාරද දීපිකා ප‍්‍රියදර්ශනිය සමඟ යුග්ම සර නම්වූ ද්වි පුද්ගල ගීත ප‍්‍රසංගයක් ඉදිරිපත් කිරීම පිණිසය.

දීපිකා සමඟ යුග්ම සර පිට කළ අමරසිරි මෙම 14 වැනිදා මීගමුවේදී තවත් ද්වි පුද්ගල ප‍්‍රසංගයක ගී ගැයීමට සූදානම් වෙයි. රටවටා යන ප‍්‍රසංග මාලාවක මංගල පියවර වන එහි අමරසිරි ගී ගයන්නේ නව පරපුරේ ප‍්‍රවීණයකු වන කසුන් කල්හාර ජයවර්ධන සමඟය.

සාමාන්‍යයෙන් ද්වි පුද්ගල ගී ප‍්‍රසංගයක් නිර්මාණය වන විට එහි ගී ගයන්නේ පිරිමියෙක් සහ ගැහැනියකි. කටහඬවල් දෙක එකිනෙකට ගලපා ගන්නේ එසේය. එසේ නොවී පිරිමි පිරිමි හෝ ගැහැණු ගැහැණු වශයෙන් ගීගයන ප‍්‍රසංග පැවැත්වෙන්නේ කලාතුරකිනි. එනිසාම මේ අමරසිරි කසුන් ප‍්‍රසංගය වෙනස් එකක් ලෙස බැලූ බැල්මටම පෙනේ.

 

2016-05-06-ent-02

අපි මේ වෙනස ගැන කසුන්ගෙන් විමසුවෙමු.

අමරසිරි පීරිස් මහත්තයයි මමයි දෙන්නා සංගීත ක්ෂේත‍්‍රයේ එකට වැඩකරන්නෙ කාලෙක ඉඳන්. එකම ප‍්‍රසංගයෙ අපි දෙන්නම ගීත ගායනා කරනවා. ඔහුට හොඳ දැක්මක් තියෙනවා. ඒවගේමයි ඔහු බොහොම භාවාතිශය ගීත ගායනා කරන්නෙ.. මට හිතෙනවා මමත් අමරසිරි පීරිස් මහත්තයා වගේම එක වගේ හැඟීම්බර නැත්නම් සුභාවිත ගීත ගායනා කරන බව. හුඟාක් රසිකයොත් ඒ බව කියනවා.

ඒ නිසා මම විශ්වාස කරනවා අමරසිරි පීරිස් කසුන් කල්හාර එක වේදිකාවක එක ප‍්‍රසංගයක ගීත ගායනා කිරීමේ ප‍්‍රශ්නයක් නැහැ කියලා.

 

ඔබ බොහොම මියුරු ගීත ගායනා කරන ශිල්පියෙක්. මේ ප‍්‍රසංගය වෙනුවෙන් ඔබ ගායනා කරන ගීත මොනවද?

ඒක ප‍්‍රසංගයෙන් ප‍්‍රසංගයට වෙනස් වේවි. මොකද අපි ගීත තෝරගන්න ඕනෙ ඒ ඒ ප‍්‍රදේශවල ඒ ඒ රසිකයන්ට ආනන්දය දැනෙන විදිහට.. එතකොට අපි ප‍්‍රදේශයේ ඒ ඒ ප‍්‍රසංගයට සහභාගි වන පිරිස ගැන හිතන්න වෙනවා.

මෙම ප‍්‍රසංගය අමර කසුනඹරයි. මෙම ප‍්‍රසංග මාලාව ඉදිරිපත් කරන්නේ ප‍්‍රවීණ ගුවන්විදුලි නිවේදක වසන්ත රෝහණ විසිනි.

මෙවැනි ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන්නට හේතුව කුමක්දැයි අපි වසන්තගෙන් විමසුවෙමු.

අමරසිරි පීරිස් ගායකයෙක් වුණේ ඔහුගේ ජීවිතයෙන් වසර පනහක් පමණ ගතවුනාට පස්සෙ නමුත් ඔහු අද වනවිට ලංකාවෙ ඉන්න ප‍්‍රවීණම ශිල්පියෙක් බවට පත්වෙලා අවසන්. ඔහුට ලැබිල තියෙන රසික ප‍්‍රතිචාර අනන්තයි අප‍්‍රමාණයි. එතකොට කසුන් කල්හාර කියන්නෙ සංගීත පරපුරකින් පැවත එන ගායකයෙක්. ඔහු අද ඉන්න ප‍්‍රවීණතම යෞවන ගායකයා කිව්වොත් නිවැරැුදියි. නමුත් විශේෂත්වය වන්නෙ මේ අමරසිරි සහ කසුන් එකම ආරක ගීත ගායනා කිරීමයි. දෙන්නගෙම ගීත සුභාවිත ගී දෙන්නම හොඳ පදමාලා තෝරා ගන්නවා. දෙන්නම හොඳ සංගීතයක් තෝරා ගන්නවා. දෙන්නාගෙම ගායනයත් බොහොම මනහරයි ඉතින් මමත් මනෝජ් පීරිසුත් කල්පනා කළා මේ අමර කසුන් සුසංයෝගය වේදිකාවකට බොහොම කදිමට ගැලපෙන බව. ඒ අනුවයි අපි අමර කසුනඹර කියන මේ ප‍්‍රසංගය නිර්මාණය කළේ. 

 

sandalla

 

 



අදහස් (0)

අමරසිරි සහ කසුන් එකම වේදීකාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site