බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ මැතිවරණ පැවැත්වීම තමයි රටේ රාජ්‍ය සේවයට තිබෙන අමාරුම දේ කියා. ඡන්දයක් ප්‍රකාශයට පත්කළවිට මැතිවරණ කොමසාරිස් වරයා දිසාපතිවරුන්ව සීරුවෙන් තියනවා. ඉන් පසු ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරනවා. මේ ප්‍රතිඵලය රජය පිළිනොගත්තා වුවත් විපක්ෂය පිළිගන්නවා. ඉතින් විපක්ෂය ප්‍රතිඵල පිළිගන්නාතුරු අපිට ගැටළුවක් නැහැ. දිසාපතිවරු ඇතුළු රජයේ නිලධාරීන්ට අමාරු දේ හිතෙන හිතෙන නම් දාලා එවන සංවර්ධන කටයුතු ඉටු කිරීමයි.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
''අමාරුම දේ මැතිවරණ පැවැත්වීම නොවේ"
සුමංගල ඇල්පිටිය Saturday, 07 December 2013 12:41 PM
අමාරුම උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙන එක.(නදී)
ලුම්බිණි Saturday, 07 December 2013 01:08 PM
කාටද පිස්සු කියල මට නම් හිතා ගන්න බැහැ. (නදී)
සුරනිමල Saturday, 07 December 2013 01:13 PM
1977 පසු අමාරුම දේ තමයි තමා උපන් දේශයට අසීමිතව ආදරය කරන ,හැම මෝඩයන්ටම සර් කියමින් තමන්ගේ මඩිය තර කර නොගන්නා රජයේ නිලදාරීන් සොයා ගැනීම.(නදී) .
සුනේත්‍රා Saturday, 07 December 2013 01:15 PM
මට හිතෙන්නේ අපිට පිස්සු කියලා.(නදී)
හචිකෝ Sunday, 08 December 2013 11:51 AM
අමාරුම දේ හරිහමන් විපක්ෂයක් වත් නැති රටක මෙතරම් මුදල් කන්දරාවක් වියදම්කර මැතිවරණ විශාල ප්‍රමාණයක් පැවැත්විම නොවේද මහතාණනි? (ස)
චානක Saturday, 07 December 2013 02:12 PM
මේ අයට ලූසේ !
මදු Saturday, 07 December 2013 02:19 PM
අමාරුම දේ සාදාරන මැතිවරණයක් පැවෙත් වීම ? (අ)
සමන් ප්‍රදීපා Saturday, 07 December 2013 03:01 PM
අද මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් ,ඔබ හරියට economy එක කලානම් එහෙම වෙන්නේ නැහැ නේ
විරාජ් කාලිංග Saturday, 07 December 2013 03:15 PM
නොකිය කිව්වේ මොකද්ද කියල පැහැදිලි, හිතුමනාපෙට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන එක කරන්න අමාරුයි, සැලසුමක් අවශ්‍යයි, ගැලරිය පිනවන්න දේශපාලකයෝ හිතුන හිතුන වෙලාවට රස කතා කියනවා, ඕව කරන්න ගියාම මේ මිනිස්සු තමයි හිරවෙන්නේ,
පෙරේරා Saturday, 07 December 2013 03:37 PM
මෙයා කොහොමද අපිට හරි දෙය කියනේ,ලංකාවේ බුද්ධිමත් ජනතාවට දෙවි පිහිටයි, හැමදාම ජනතාව ගොනාට අඳියි. (ස)
උත්තරා Saturday, 07 December 2013 04:38 PM
හිතෙන හිතෙන නම් මොනවද? නැගුම වගේ දේවල් නේද? බැරිනම් බාර ගත්තේ ඇයි? (ස)
ශීලා Saturday, 07 December 2013 04:43 PM
අමාරුම දේ තමයි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශනය කිරීම.
පිටබැද්දර ජයා Saturday, 07 December 2013 05:45 PM
අපිටනම් අමාරුම දේ තමයි අපේ ඡන්දෙ අපිම දාන එක , මොකද හුඟක් වෙලාවට අපේ ඡන්දෙ වෙන කවුරුහරි දාලනේ ග (ස)
අමිල - කටුනායක Saturday, 07 December 2013 05:59 PM
අමාරුම දේ කොහොම හරි ජය ගත්තනේ. නැත්නම් තාම ගෙදර. (ස)
නුවන් Saturday, 07 December 2013 06:14 PM
අමාරුම දේ තමයි , ඡන්දෙ දිනන එක , අපේ විපක්ෂෙට . (ස)
සත්‍යයා Sunday, 08 December 2013 01:12 PM
ඔයා අමාරුම දේ ගැන කතා කරන්නේ රජයේ පැත්තෙන්නේ. මට හිතෙන්නේ ඔයා වගේ "ආර්ථික විශේෂඥයින්ට" තියෙන අමාරුම දෙය තමා පොඩි මිනිහව තලන්නේ නැතුව ලොකු මිනිහව සනසන්නේ කොහොමද කියල තේරුම් ගන්න බැරි එක. ඔතනට එන කොයි මිනිහත් ඔය ව්‍යාධියෙන් පෙළෙනවා. (ස)
මහින්ද වික්‍රමසිංහ Saturday, 07 December 2013 09:13 PM
ඔබතුම හිතන්නේ අමරුමදේ මොකද්ද ,මම නම් හිතන්නේ ඡන්දෙ තියන එක නෙවෙයි අමාරු ඒවා ජිල්මාට් දාල අවශ්‍ය විදියට හදා ගන්න එක තමා අමාරු ,,(දිල්)
නිමල සූර Saturday, 07 December 2013 09:18 PM
සුරනිමල....ඔයා 77 න් පස්සේ ඉපදුන කෙනෙක්ද දන්නේ නැහැ ...කොයිකවුනත් දේශපාලන ඉතිහාසය හදාරලා අදහස් දානවනම් හොඳයි...77 ට පෙර සමගි පෙරමුණේ ආණ්ඩුවෙන් තමා රජයේ සේවකයාගේ කොන්ද කඩුවේ...72 ව්‍යවස්ථාවෙන් තමයි රජයේ ඉහල නිලදාරීන් ඇමති, මන්ත්‍රීගේ නිර්දේශ මත පත්වීම් ලැබුවේ, උසස්වීම් ලැබුවේ....නොදන්නා දේ කතා නොකර ඉන්න එක වඩා හොඳයි...අසත්‍ය වැපිරවීම සත්‍ය විකුර්ති කිරීම සහ ගහන අපරාදයක්....(දිල්)
සදුන් Sunday, 08 December 2013 01:05 AM
නිමලසූර. ඔබ සුරනිමලට පිළිතුරු දීම ඉතා වටිනවා. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ 77න් පස්සේ මෙහෙම උනා කියල. ඔබට පුළුවන් නම් තව ටිකක් විස්තර දාන්න. මිනිස්සු දැනුවත් වීම කවදා හරි රටට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. (අ)