( එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ පී. ද එස්.කුලරත්න විද්‍යාලය හෙට (26) සහ අනිද්දා (27) පාසල් සිසුන් සදහා විවෘත නොවන බව විදුහල්පති ජී.ඩබ්ලිව්.ජගත් සේනාරත්න මහතා අද (25) පස්රුවේදි පැවසීය.
පාසල පසුගිය 23දා ආරම්භ වීමත් සමග අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් දෙකක එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මව සහ පියා කොරෝනා ආසාධිතයන්වීම හේතුවෙන් මෙම විද්‍යාලය හෙට (26 ) සහ අනිද්දා (27) නොකැදවීමට විදුහල්පතිවරයා ඇතුලු විදුහලේ කොරෝනා මර්දන කමිටුව මගින් මේ තීරණය ගෙන ඇත.
එම එක් දරුවෙකු මෙම විදුහලේ නවය වසරේ අධ්‍යාපනය ලබන බවත් ඔහු පාසලට පැමිණීම හේතුවෙන් පාසල් ගොඩනැගිලි සහ පාසල් භූමිය මෙම දිදින තුළ විෂ බීජ හරනය සිදු කරන බව විදුහල්පතිවරයා පැවසීය.
මෙම පාසලේ ගුරුවරුන් මෙම දිදින තුළ කාණ්ඩ වශයෙන් විදුහලට කැදවීමට විදුහල්පතිවරයා තීරණය කර ඇත.
විදුහල ලබන සදුදා (30) යළි ආරම්භ කෙරේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අම්බලන්ගොඩ පි. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වහයි