IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අභියෝග ජය ගත හැක්කේ සියලු දෙනා එකතු වුණොත් පමණයි

(සුජිත් හේවාජුලිගේ )

රට  ඉදිරියේ ඇති සියලු අභියෝග ජයගත හැක්කේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව කටයුතු කිරීමෙන් පමණක් බව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්  පණිවිඩයක් නිකුත් කරමින්  පවසයි.

එම අවුරුදු පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ලාංකිකයන් වන සිංහල, දෙමළ අප කාටත් මේ උදාවූයේ වසරේ මහෝත්කර්ෂවත්ම මංගල්‍යයය ලෙස සැලකෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්දයි.  දෙදහස් පන්සිය වසරක දීර්ඝ, ලාංකික ඉතිහාසය ඇතුළත අපි මෙම මහා සංස්කෘතික මංගල්‍යයය අප‍‍‍ගේ ජාතික උරුමයක් සේ සලකා අනාගත පරපුරට දැනෙන පරිදි ඉහළින්ම සැමරුවෙමු. අතීතයේ පවා අප මුහුණ දුන් අතිශය අසීරු, දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී  ද මෙවැනි උත්සව සැමරීම කිසිවිටෙක අපට අමතක වූයේ නැත. ඒ් , අපේ අනාගත දරු පරපුරට ස්වීය සංස්කෘතික වටිනාකම් හඳුන්වාදීමට මෙවැනි අවස්ථා තරම් යෝග්‍ය අන් කිසිදු අවස්ථාවක් නොමැති බැවිනි.

මේ වන විට අප පමණක් නොව මුළු මහත් සියලු ලෝවැසියන් සිටින්නේ, ආර්ථික සහ සමාජයීය වශයෙන් අසීරු අභියෝගයකට මුහුණ දෙමිනි. එසේ වුවද නූතන පරපුරට ඉපැරණි , දේශජ සංස්කෘතික මූලයන් අනාගත පරපුරට දායාද කරලීමට එළඹෙන මෙවන් සුවිශේෂී අවස්ථා අප කිසිසේත් මඟ හැරිය යුතු නැති බව මගේ හැඟීමයි. එනමුත්, නොවැළැක්විය හැකි  විවිධ හේතු නිසා අපට  පසුගිය වසර කිහිපයකදීම අලුත් අවුරුද්ද සිත්සේ සැමරීමට නොහැකි විය.

සෑම සිංහල - දෙමළ අලුත් අවුරුද්දකදීම මවකගේ අපේක්ෂාව වන්නේ, සිය දරු දැරියන්  සියලු දෙනාගේ කුස මෙන්ම සිතද එකසේ ප්‍රීතියෙන් පුරවාලීමයි. අපේ  දෙමාපිය -වැඩිහිටියන්  මේ අලුත් අවුරුද්දේ නැකතට අනුව, මහගෙදර‌ට එක්වන ස්වකීය  පවුලේ සියලු දෙනාහට  ආදර ගෞරවයෙන්  සලකනු මෙන්ම ඒ ස්නේහ සිත්පෙරදැරිව  අසීරුවෙන්  දිවිගෙවන වටපිටාවේ අසල්වැසියන්, සිය දුර ඈත ඥාතීන් වෙත හෘදයාංගමව තමන් හා එක්ව  සිරිත් විරිත් කරන්නට  ඇරයුම් කරනු ඇතැයි මම අවංකව බලාපොරොත්තු වෙමි.



අදහස් (4)

අභියෝග ජය ගත හැක්කේ සියලු දෙනා එකතු වුණොත් පමණයි

සෙනෙවිරත්න Thursday, 14 April 2022 01:41 PM

උඹල කට්ටිය එකතුවෙලා අපිට කරපු හරිය ඇති.

:       0       0

දාස Thursday, 14 April 2022 02:56 PM

එතකොට තමයි මගේ කන්තෝරුවෙ ඉන්න මගේ පරපුර ආරක්ෂාවෙන්නෙ

:       0       0

චන්න Thursday, 14 April 2022 03:32 PM

අභියෝග අති කලේ අපිද?

:       0       0

Kumara Thursday, 14 April 2022 03:56 PM

බම්බුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 866 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1282 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site