IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා  ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවද තානාපතිවරයා පවසා ඇත.

 



අදහස් (4)

අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ

Perera Saturday, 01 February 2025 04:17 AM

වාහන පදවන්නට බැරි වුනත් ලංකාවේ ලැයිසන් ගන්න පුළුවන් කියලා ඉතාලිය දැනගත්තු දවසට වැඩේ හබක් වෙනවා.

:       0       10

ලුම්බිණි Saturday, 01 February 2025 08:34 AM

අපේ ලයිසන් එක පිළිගන්න රටවල ලයිසන් මේ රටේත් වාහන එළවීම සඳහා පිළිගත යුතුයි.

:       0       6

de silva berlin Saturday, 01 February 2025 02:28 PM

අපි සංචාරක වීසා මත ජර්මනිය වැනි රටවලට කෙටි කාලීන විසිට් එකක් හෝ පදිංචියට ගියාම මාස 6 දක්වා අපට අපේ ශ්‍රී ලංකික රියැදුරු බලපත භාවිතා කර එහෙ වාහන ධාවනය කරන්න අවසර තිබෙනවා. අපේත් සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්න අවශ්‍ය නම් අවම වශයෙන් සංචාරය සඳහා ලංකාවට එන යුරෝපා සංගමයේ රටවල පුරවැසියන් සඳහා අවම වශයෙන් මාස 3 දක්වා වත් වාහන ධාවනයට අවසර දිය යුතුයි.

:       0       9

de silva berlin Sunday, 02 February 2025 07:09 AM

ජනාධිපතිතුමනි, අර දුම්රිය ටිකට් වෙන්කර ගැනීමේ වංචාව වැනි ලංකාවට එන විදේශීය සංචාරකයින්ට මෙරට රිය ධාවනය සඳහා තාවකාලික රියදුරු බලපත් ලබාදී විශාල වශයෙන් මුදල් ගසාකන ජාවාරමකුත් තිබෙනවා. TUK TUK රෙන්ට් කියන ආයතනය සංචාරකයින්ට රියැදුරු බලපත් නිකුත් කරන චැනල් එක කුමක්ද කියලා CID දමලා චෙක් කළා නම් නිකම්ම හොයාගන්න පුළුවන්... අර දුම්රිය ටිකට් වෙන් කිරීමේ මාෆියාවට තිත් තිබ්බා වගේ මේ හොරුන්ටත් ෂොට් එක දෙමු... මේකට රජයේ නිලධාරීන් සම්බන්ධය... ලොකු හොරු, මධ්‍යම ප්‍රමාණේ හොරු, පොඩි හොරු අහුවෙන එකා දෙන්නා හරි කොටු කරගනිමු. සියලුදෙනාම එකතුවෙලා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි, කථානායක හමුවෙයි
2025 මැයි මස 08 58 0

ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම


යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි.කථානායක හමුවෙයි
2025 මැයි මස 08 68 0

ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම


රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
2025 මැයි මස 08 2124 0

මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ


කෝසලගේ පුටුවට ආ සමන්ත දිවුරුම් දෙයි
2025 මැයි මස 08 416 0

ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය


වතිකානයෙන් තවමත් කළු දුම
2025 මැයි මස 08 1492 0

පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට


බස්- ලොරි ගැටී හතරක් රෝහලට
2025 මැයි මස 08 317 0

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1106 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 271 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site