තමන් ප‍්‍රගතිශීලි යැයි නිතරම කියා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැඩි අන්තගාමී තත්ත්වයට පත්ව බොරු වමත් ,බොරු දකුණත් වෙනුවෙන් ඉකුත් කාලය පුරා පෙනී සිටියදී ධනපති යැයි හංවඩු ගැසූ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන රජය නිදහස් මතධාරීන් ලෙස හිඳිමින් කම්කරු අයිතිය වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද(1) කොළඹදී පැවති මැයි දින රැස්වීමකදී පැවසීය.
ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි දින රැස්වීම මරදාන ,පන්සල පාරේ සංගම් ප‍්‍රධාන කාර්යාලයේදී අමතමින් ඔහු එසේ කීවේය.
‘දහනව වැනි ශතවර්ශයේ මෙන් මෙරට කම්කරු ව්‍යාපාර මෙහෙයවන මෝඩ වාමාංශික නායකයින් අදත් සිටිනවා. නමුත් වෙනස්වන ලෝකයේ පැරණි සමාජවාදයේ පරමාර්ථ රැගෙන නවීනත්වයට ගැලපෙන පරිදි මේ රටේ කම්කරු ජනතාවගේ ප‍්‍රශ්න විසඳාගත යුතු කාලය එළැඹිලා. ලොව බොහෝ රටවල කම්කරු ජනතාව උණ්ඩයෙන් තමන්ගේ කම්කරු අයිතින් දිනා ගන්නකොට අපේ රටේ කම්කරු ජනතාව ඉකුත් වසරේ ජනවාරි 08 වැනිදා පැවති ඡන්දයෙන් සියලූම අයිතීන් දිනාගත්තා‘ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
රජයේ විගණනය සොයා බැලෙන විගණන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ලබන බදාදා (04) ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පැවසීය.
විගණන පනත යහපාලන රජයේ එක් පෙරොන්දුවක් බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘අපේ රටේ කම්කරු ජනතාව ජනවාරි 8 සියලු අයිතීන් දිනාගත්තා‘
රවින්ද්‍ර Sunday, 01 May 2016 10:27 AM
කම්කරු ජනතාවට කොහොමවෙතත් ඔබතුමාලට නම් හැමදේම ලැබුණා. (නි)
ඇසළ Sunday, 01 May 2016 11:11 AM
මේවා කියන අය ඒ කාලේ හිටියේ කොහෙද දන්නේ නැහැ. ඊළඟ පාර කියයි මේ ආණ්ඩුවත් ඒ ආණ්ඩුවට වැඩිය අන්තිමයි, ඒ නිසා අපි ඒ ආණ්ඩුව ආපහු ගෙනෙමු කියලා. සමහරක් මේවට අහුවෙන එක තමයි පුදුමේ. (නි)
බමුණු ආරච්චි Sunday, 01 May 2016 01:44 PM
කොහොමද දන්නෙ නැහැ දිනාගත්තේ? ලැජ්ජා නැතුව මේවා කියන හැටි? (නි)