අපහරණයට ලක්වූ කාන්තාවන්ට සහන සැළසීම සඳහා දේශීය පුණ්‍ය සංවිධානයක් විසින් භාණ්ඩ වෙළෙඳසැළක් සංවිධානය කර තිබුණි.
ගුදායිබියා හි අල් නාහ්දා හි පැවැති පුණ්‍ය වෙළෙඳපොලේදී විවිධ පුද්ගලයන් විසින් පරිත්‍යාග කරන ලද උසස් තත්ත්වයේ භාණ්ඩ රැසක්ම සහන මිල ගණන් යටතේ අළෙවියට තබා තිබුණි.
මෙම වෙළෙඳ සැළෙන් ලැබුණු සියලුම ආදායම් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර, උපදේශන සහ වෛද්‍ය පහසුකම් ලබාදෙන අයීෂා යටීම් පවුල් උපදේශන මධ්‍යස්ථානය වෙත ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණි.
කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අයීෂා යටීම් විසින් 1954 වසරේදී ආරම්භ කරන ලද බහරේන තරුණ කාන්තා සංගමය විසින් අයීෂා යටීම් පවුල් උපදේශන මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබීය.
“අපේ කමිටු කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි විධායක කමිටුව. ඒ හරහා ස්වේච්ඡා සේවකයන් සමග එක්ව පීඩාවට පත්වූ කාන්තාවන්ට ආධාර කරනවා” යනුවෙන් සංවිධායක ෂහාර්සාඞ් යට්මීන් පවසයි.
“කාන්තාවන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැහැ. දික්කසාදය සහ අපහරණය වැනි කාරණාවලදී මොකක් කරන්නද කියලා ඔවුන්ට හරි වැටහීමක් නැහැ”
“මේ වෙළෙඳසැළ හැමදාම විවෘතයි. ඒත් අපි අවුරුද්දට දෙපාරක් මේ වගේ ලොකු වෙළෙඳසැල් සංවිධානය කරනවා”
“බොහෝ විට අපි බහරේන ඩිනාර් 3,000 ක වගේ මුදලක් රැස්කර ගන්නවා. මේ පාර අපි බහරේන ඩිනාර් 1,500 ක මුදලක් රැස්කර ගත්තා”
මෙම මධ්‍යස්ථානය විසින් කරන අනෙක් වැඩසටහන් අතර පරිගණක පංති, සෞඛ්‍ය සහ පෝෂණ පංති සහ මැහුම් වැඩමුළු වෙයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අපහරණයට ලක්වූ කාන්තාවන් සහන සැළසීමට උසස් වෙළෙඳනාම සහිත භාණ්ඩ වෙන්දේසියක්