IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ  හල්ගම්පිටිය  ප්‍රදේශයේ  මෙහෙයුමක් සඳහා ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක දී වෙඩි පහරට ලක්ව  එම සැකකරු අද(28) අලුයම  මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මියගොස් ඇත්තේ වේයන්ගොඩ බාඳුරාගොඩ පදිංචිව සිටි අපරාධ රැසකට සම්බන්ධ නිශාන්ත කුමාරසිරි නැමැති 38 හැවිරිදි පුද්ගලයකි.

එහිදී පොලිස්  කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා  ගම්පහ රෝහලට  ඇතුළත්  කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී  පුද්ගලයකු එය අත්පා වෙන් වන ආකාරයෙන් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම චෝදනාව යටතේ ඉකුත් 19 වෙනිදා  මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුට විරුද්ධව මේ වන විට මහාධිකරණ නඩු තුනක්  විභාග වෙමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ලුම්බිණි Monday, 28 December 2020 02:37 AM

ප්‍රශ්න විසඳන පහසුම ක්‍රමයක්... !! 

:       0       0

Raveendra Monday, 28 December 2020 03:32 AM

69 ලක්ෂය පිනවීමේ මහා මෙහෙයුම... සර් උඩින්ම පාස්.

:       0       0

Bamunuarachchi Monday, 28 December 2020 04:25 AM

ඔන්න ඔහොම අඩුකළොත් පාතාලය නැතිවේවි...!!!

:       0       0

Ruhunu Monday, 28 December 2020 08:35 AM

ආවානම් ඉතින් සාධාරණ තීන්දු...

:       0       0

Prabha Monday, 28 December 2020 09:00 AM

අත්අඩංගුවේ සිටින සැකකරුවන් සමග මෙහෙයුම් කරන ලෝකේ එකම පොලිසිය.

:       0       0

විජිත් Monday, 28 December 2020 11:02 AM

"...මෙම සැකකරුට විරුද්ධව මේ වනවිට මහාධිකරණ නඩු තුනක් විභාග වෙමින් පවතින බවකි. නියෝජ්‍ය පොලිස්පතිවරයා " ... ඒ නිසා අපි එයාව සැඟවූ අයුධ හොයන්න අරන් ගියා " යයි වැඩිදුරටත් පැවසීය.

:       3       12

Raveendra Monday, 28 December 2020 02:13 PM

අනුන්ට අයිති අවයව කපන්න තරමට සිත්පිත් නැති මේ මුර්ගයා වෙනුවෙන් වෙඩි උණ්ඩ පාවිච්චි කිරීම අපරාදයක් ලෙස පෙනෙන්නේ අපට පමණද..? පුදුමයි NGO "හැත්ත" කිසි හා... හුවක් නැහැ....

:       2       7

Duminda Monday, 28 December 2020 04:09 PM

මීට ඉස්සර වෙඩි තියලා දාන්න තිබුණේ... හිත හොද මිනිස්සු කී දෙනෙකුට කරදරද?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site