IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි

(ගයාන් සූරියආරච්චි) 

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි  පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටිකෙහෙල්ගල්ල,  කිරිකිත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච් පීරිස්  ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් විසින්  ලද බුද්ධි  තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින  ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසි සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන  මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ මාමා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව  විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවට ගත්  සැකකරු වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිතා කරමින් මෙරට සැඟව සිටිමින්  අපරාධ රැසකට සුදානමි ව සිටින බවට ලද තොරතුරු මත සැකකරු පදිංචි නිවස වටලා සිදුකළ පරීක්ෂාවකදී  විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 06 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site