IMG-LOGO

අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් කැඩී ප්‍රතිකාර වැඩ අඩාල වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පැවතීමෙන් රෝග ප්‍රතිකාර කටයුතු අක්‍රිය වී තිබෙන බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා දන්වා ඇතැයි සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෙිරියන්ට් යන්ත්‍රය (Variant machine) මෙලෙස අක්‍රිය වී පවතින්නේ සේවා ගිවිසුම් අනුව මෙම යන්ත්‍රයට නොමිලේ ගෙන්වූ අමතර කොටස් පසුගිය සිකුරාදා සිට රේගුවෙන් නිදහස් කරගන්නට නොහැකි වී තිබෙන නිසා බවද වික්‍රමරත්න මහතා කීය.

විවිධ රේගු තාක්ෂණික ගැටලු නිසා මේ ප්‍රශ්නය මතු වී තිබෙන බවත් මේ නිසා ඉකුත්  දින කිහිපයේදී පමණක් රෝගීන් සියයකගේ පමණ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබෙන අතර අද පෙරවරුවේදී මේ යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබන කුඩා දරුවන් 24 දෙනෙකු ප්‍රතිකාර නොමැතිව අසරණ වී සිටින බව සඳහන් කළේය .

මේ යන්ත්‍රයේ අමතර කොටස් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටින බවද එරාන්  වික්‍රමරත්න මහතා කීය.



අදහස් (3)

අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් කැඩී ප්‍රතිකාර වැඩ අඩාල වෙලා

Hafeel Wednesday, 22 February 2023 01:44 PM

මේ ආණ්ඩුවේ හැම අංශයක්ම දුර්වලයි. ජනාධිපති ඇතුළු ඇමතිලා වැටුප, දීමනා, වරප්‍රසාද, පුද්ගලික කාර්යමන්ඩලය සහ නිල නිවාස ඕවා සේරම භුක්ති විඳමින් කිසිම කාර්යක්ෂමතාවයක් නැහැ. හැබැයි දුෂණ, වංචා සහ කොමිස් ගහන එකින් අඩුවක් නැහැ. මේ ප්‍රශ්නයට සෞඛ්‍ය ය සහ මුදල් ඇමතිලා මැදිහත් වෙලා එදාම විසඳන්න තිබුනා. රටේ ජනතාව ගැන මේ ආණ්ඩුවට කිසිම අනුගම්පාවක් හෝ නැත. මුදල් අංශයට පමණයි ඇමතිලා රාජ්‍ය ඇමතිලා තුන් දෙනෙක් හිටියත් වැඩක් නැහැ.

:       23       10

සුසන්ත Wednesday, 22 February 2023 02:39 PM

මේ වගේ හදිස්සිම දෙයක්වත් කඩිනමින් අළුත්වැඩියා කරන්න බැරි නම් මොකටද ටයි, කෝට් දාගෙන ලක්ෂ ගණන් පිං පඩි ගන්න ඇමතිලා...?

:       5       8

fairoos Wednesday, 22 February 2023 03:19 PM

මේ කාලකන්නි ආන්ඩමවනම් කියල වැඩක් නෑ

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site