IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි

(ප්‍රදීප් කුමාර)

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

 එහිදී අදාළ ඉන්දියානු යාත්‍රා දෙක සමඟ ඉන්දියානුවන් 17 කුඩා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් 29 දා නාවික හමුදාව මෙම වැටලීම සිදු කොට තිබේ.

උතුරු නාවික විධානය මගින් මන්නාරමට උතුරු මුහුදු සිමාවේ මෙරට මුහුදු සීමාව තුල මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දියානු යාත්‍රා රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒවා පලවා හරිම සදහා මෙහෙයුමක් දියත් කොට තිබේ.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්න ලද යාත්‍රා 02 ක හා ඉන්දියානුවන් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන එමෙන් අනතුරුව ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.



අදහස් (0)

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site