නැවත දන්වන තුරු උතුරුමැද පළාතේ පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සියලුම පාසල් ලබන සඳුදා සිට පස්වරු 12 ට අවසන් කරන බව උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.එම්.එන්.ඩබ්ලිව්. ඒකනායක මහත්මිය පැවසුවාය.
අධික උෂ්ණත්වය නිසා දරුවන් කිහිපදෙනෙකුම ක්ලාන්ත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඇය සඳහන් කළාය.
අද පස්වරු 2 වන විට අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් ද පොළොන්නරුවේ සෙල්සියස් අංශ 35 ක් කොළඹ සෙල්සියස් අංශක 33 ක් ද වේ.
මීට පෙර අනුරාධපුරයේ සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
වවුනියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 38 ක් වේ. මෙය දිස්ත්‍රික්කවල වාර්තා වන ඉහළම උෂ්ණත්වය වේ. යාපනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 32 ක් වේ.
අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිසුන් 12 දෙනෙකු ක්ලාන්ත වී අසනීප වු බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අධික රස්නය උතුරුමැද පාසල් වහයි
බමුණු Friday, 29 April 2016 01:25 PM
අනේ මම දන්නේ නැහැ සෙල්සියස් අංශ 45- 50 තිබිය දීත් අපි අරාබි කාන්තාරයේ මැනීම් කටයුතු කලා. (ර)
සෑම් Friday, 29 April 2016 10:04 AM
අපි පොඩි කාලේ උෂ්ණත්වය ගැන කව්රුවත් කතා කලේ නැහැ .නිවාඩු දවස් වල සහ පාසල් කාලයෙන් පස්සේ අපිට ගෙදර මතක් වෙන්නේ බඩගිනි උනාමයි .දැන් කාලේ ළමයින් කුඩා කාලයේ සිටම ගෙවල් වලට හිර කරගෙන සිටීමේ ප්‍රතිඵල තමා මේ . අපිට ඒ කාලේ කලන්තේ හැදුනේ රස්නේටවත් සීතලටවත් නොවෙයි , මොනවා හරි නරක වැඩක් කරලා ගුරුවරුන්ට හරි දෙමව්පියන්ට හරි අහු උනාමයි. (ර)
එරංග Friday, 29 April 2016 10:29 AM
ඇයි පාසල් විතරක් සියලුම ආයතනත් 12ට වැහුවනම් හොදයි. මේ රස්නය තියෙද්දි කොහමද රාජකාරි කරන්නේ. අපරාදේ ෆෑන් වලටයි AC වලටයි බිල් ගෙවන්නේ. 12න් පස්සේ රාජකාරි කරන එක හරිම අමාරුයි. (ර)