IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා

(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරුණයා අසල තනිකර දමා, තරුණයාගේ ජංගම දුරකථනයද සොරාගෙන පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

නිට්ටඹුව වතුපිටිවල නගර සීමාවේ පිහිටි තරුණයාගේ නේවාසික කාමරයේ සිය අත දරුවා තනිකර දමා මෙම තරුණ කාන්තාව අලුයම් කාලයේ පලාගොස් ඇති බව පොලිසිය කියයි.

තරුණයා පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹ නගරයට ගොස් සිටියදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඔහුට මෙම තරුණ කාන්තාව මුණගැසී හඳුනාගෙන ඇත.

එහිදී දෙදෙනා ඔවුන්ගේ ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන ඇති බවද, දින කිහිපයක දී දෙදෙනා පෙම්වතුන් වී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම කාන්තාව සිය දරුවාද රැගෙන නිට්ටඹුව වතුපිටිවල පිහිටි තරුණයාගේ නේවාසික කාමරයට ඉකුත් 18 වැනිදා පැමිණ ඇති බවද තරුණයා සමග දින දෙකක කාලයක් කාමරයේ ගතකර ඇති අැය සිය දරුවා තරුණයා අසල තනිකර දමා තරුණයාගේ ජංගම දුකරථනයද සොරාගෙන අලුයම් කාලයේ පලාගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

අැය සිය දරුවා තනිකර දමා පලාගිය දින සිට ඇයගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවද තරුණයා මේ පිළිබඳව පොලිසියට කළ ප්‍රකාශයෙහි දැක්වේ.

අැය දරුවා රැගෙන යාමට පැමිණෙනු ඇතැයි සිතා තරුණයා සිය රැකියාවටද නොගොස් දරුවා ආරක්ෂා කරගෙන නේවාසික කාරමයේද රැදී සිට ඇත.

මේ අතර මවක හෝ කාන්තාවක නොමැතිව නේවාසික කාමරයක දරුවකු සහ තරුණයකු සිටින බවට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටද තොරතුරු ලැබී එම නිලධාරිනිය තරුණයාගේ කාමරයට ගොස් දරුවා පිළිබඳව තොරතුරු විමසා දරුවා පරීක්ෂා කර බලා පිටව ගොස් ඇති බවද පොලිසිය කියයි.

දරුවකු සමග තරුණයකු පමණක් කාමරයක සිටින බවට අංක 119 දුරකථනය ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් පුද්ගලයකු විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඉකුත් 08 වැනිදා නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ පිරිසක් තරුණයාගේ නේවාසික කාමරය සොයා ගොස් තරුණයා සමග අත දරුවා පොලිස් භාරයට ගෙන ඇත.

නිට්ටඹුව ඕර්චඩ්වත්ත ග්‍රාමයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයා වතුපිටිවල නගරයේ නේවාසිකව රැඳී සිටිමින් අලව්ව නගරයේ පිහිටි කොසු ඉදල් නිපදවන වැඩපලක සේවය කරන්නකු බවද පොලිසිය කියයි.

 



අදහස් (4)

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා

Janindu Perera Thursday, 10 October 2024 08:22 AM

හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බැ මේ නිවුස් එකට

:       2       18

රිතික්Thursday, 10 October 2024 05:36 PM

හිනාවෙවී අඬන්න...

:       0       0

Bunny Preena Thursday, 10 October 2024 09:08 AM

ගැහැනියක් දැක්කහම සෙවල හලන උන්ට හොඳ පාඩමක්

:       2       26

Manjula Thursday, 10 October 2024 01:26 PM

ජීවිතයක වටිනාකම ගැන කිසිම දැක්මක් නෑ. නොදන්න කෙනෙක් ළඟ තමන්ගේ දරුවකු තනිකර යන්න තරම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site