
(සිතුම් චතුරංග)
වවුනියාව සේමමඩු හි රාජකාරී කරමින් සිටියදී අතුරුදන් වූ වනජීවි නිලධාරියාගේ සිරුර අද (15) සේමමඩු අැළ මාර්ගයේ තිබී සොයාගෙන අැතැයි ඕමන්ත පොලිසිය කියයි.
අලිවැට පරීක්ෂා කිරීමේ කටයුතු සදහා අනුයුක්තකර සිටි වනජිවි නිලධාරියකු ඊයේ (14) අතුරුදන්ව අැති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් අැත්තේ වවුනියාව මහරම්භකුලම් පදිංචි සදාසිවම් නිරංජන් නැමති වයස අවුරුදු 30ක වනජීවි බහුකාර්ය නිලධාරියකි.
අතුරුදන්වු නිලධාරියා අලිවැට පරීක්ෂා කිරීමේ කටයුතු වලදී සේමමඩු අැළමාර්ගයට තමාගේ පාවහන් වැටී අැති බවත් එය රැගෙන එ‍්මට යන බව සෙසු නිලධාරියාට පවසා කැළැව සහිත ප්‍රදේශයට ගොස් අැති බවද පොලිසිය පැවසීය. අනතුරුව එම නිලධාරියා අතුරුදන්ව අැති අතර පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව අද(15) අැළ මාර්ගය සෝදිසිකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතුරුදන්ව සිටි වන නිලධාරියාගේ සිරුර ඇලක