IMG-LOGO

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න රටවල් 7ක් සමග සාකච්ඡා ඇරඹෙයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා  ලංකාදීපයට පැවැසීය.

මේ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඉන්දියාව බංග්ලාදේශය, ඉන්දුනීසියාව චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව යන රටවල නායකයන් සමග බවද  හෙතෙම සඳහන් කළේය.

ඉල්ලීම සම්බන්ධයෙන් ඒ රටවලින් දැනටමත් සාර්ථක ප්‍රතිචාර ලැබී ඇතැයි පැවසූ හම්දානි මහතා ඉන්දීය ණය සහන යටතේද  ඖෂධ තොග ලැබෙමින් පවතින බව පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා  විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් සහ පරිත්‍යාගශීලීන් රැසක් ඉදිරිපත්ව සිටින බව වෛද්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න රටවල් 7ක් සමග සාකච්ඡා ඇරඹෙයි

Kiri putha Wednesday, 13 April 2022 02:09 PM

නයට තමයි

:       0       0

Pradeep Kumara Wednesday, 13 April 2022 02:35 PM

මොකක්ද මේ පරස්පර විරෝදී ප්‍රවෘත්ති දෙකක් එකම පුවත් පතේ පළකරලා තියෙන්නේ. කලින් ප්‍රවෘත්තියක තිබුනා ඖෂධ හිඟයක් නෑ කියලා. දැන් කියනවා ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක නායකයින් සමඟ සාකච්ඡා කරනවා කියලා. අපිත් අපේ හිතවතුන් සමඟ එකතු වෙලා ඖෂධ ටිකක් අපේ රටට එවන්න මේ දිනවල සූදානම් වෙනවා. හිඟයක් නැත්නම් එවන එක අපරාදෙ වෙයිද දන්නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 349 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site