
(අංජුල මහික වීරරත්න,ජේ එල් ඒ ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ අද ( 28) පැවසූහ.
පැවතුණ රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ යැයිද අනුනාහිමියෝ කීහ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී අනුශාසනාවක් කළ ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නාහිමියෝ මෙසේද පැවසූහ.
ජනපති ඔබ ඇතුළු කණ්ඩායමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව මහජන ඡන්ද බලයෙන් ලංකාවේ වගකීම පැවරී තිබෙනවා.මේ රට සංස්කෘතික හා ජාතික අනන්‍යතා වලින් යුක්ත රටක්.එමෙන්ම අතීත හර පද්ධතියන්ගෙන් යුක්ත රටක්.
පුරවැසියන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමට මෙන්ම දේශයට ප්‍රිය කරන ජනතාවක් බිහි කරන්න ඔබ ඇතුළු රජයට යුතුකමක් පැවරී තිබෙනවා. ඔබ දැන උගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්.දැන උගත් අයට නිලතල ලබාදීම ජනපති දැන් ආරම්භ කර තිබෙන බව පෙනෙනවා.
පැවතුන රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි.මේ රටේ හර පද්ධතිය සමග ඒකාබද්ධව කටයුතු කරමින් රට සමෘද්ධිමත් කළ යුතුව තිබෙනවා.



2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
වික්‍රම විදුර Sunday, 29 September 2024 08:56 AM
ඒක නේන්නන් කිසිම හොරෙකුට, මිනීමරුවකුට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා නේද ඉල්ලන්නේ.. හොරු, මංකොල්ලකාරයෝ තමයි ඔශොම ඉල්ලන්නේ. ලැජජා නැතුව මේ උන්නාන්සේත් මගේ අගමේම දේවල්.. මගේ කටට එන වචන බොහෝම අමාරුවෙන් නවත්තාගන්න.
ගමේ එකාලා Sunday, 29 September 2024 04:00 PM
මහානායක කියන උන්වහන්සේලා ගැනත් කියනවා නම් හුඟාක් දේවල් තියෙනවා. ඒවා දැන් කිව්වා කියලා වැඩක් වෙන එකක් නැහැ...