( ජයන්ත සමරකෝන්)
විවිධ චෝදනා මත ගුවන්තොටුපොළෙන් හා වෙනත් ස්ථානවලින් අත්අඩංගුවට ගන්නා විදේශිකයින් මෙන්ම විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින් රඳවා තැබීම සඳහා සෑම රිමාන්ඩ් බන්ධනාගාරයකම විශේෂ සිර වාට්ටුවක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
රටතුළ පැතිර යන කොරෝනා වයිරසය බන්ධනාගාර තුළට පැතිර යාම වළක්වාලීම සඳහා මෙම තීරණය ගැනීමට අවධානය යොමු වී ඇති බවත් ඔවුන් මෙම සිර වාට්ටුවල රඳවා නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවද බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ සඳහා සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සහ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් දැනුම්වත් කර ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
ඊට අදාලව ගත යුතු හදිසි ක්‍රියා මාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් බන්ධනාගාර මූලස්ථානය විසින් නිකුත් කර ඇතැයිද පැවසේ.
ඒ සමඟම අදාළ රැඳවියන්ගේ නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය අමතර පහසුකම් වන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය සහ සම්බන්ධිකරණයෙන් ඒවා ඉටු කර ගැනීමටද තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රඳවාගන්න වෙනම සිර කුටියක්‘