IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අඩ නිරුවතින් පෙනී ඉන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්නේ ඕන

2016-05-06-ent-22

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම මේ වන විට ඔබ හමුවට ආ මල්ෂා ජයවර්ධන මෙවර "සාරවිට" තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයටද පැමිණීමට සූදානමින් සිටියි. මේ දිගහැරෙන්නේ ඇය අප සමගින් කළ කතාබහයි.

 

2016-05-06-ent-25මල්ෂා නිරූපිකාවක් වුණේ?

මීට අවුරුදු එකහමාරකට කලින් වගේ.

 

නිරූපිකාවක් වෙන්න හීනයක් තිබුණද ?

නැහැ. මගේ ආසාව වෙලා තිබුණේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්නේ. හැබැයි දැන් හීනෙත් මගේ සඵල වෙලා තියෙනවා.

 

එතකොට නිරූපණ ක්ෂේත්‍රයට ආවේ?

පොටෝග්‍රැෆර් කෙනෙක් මාව දැකලා කිව්වා මගේ ලුක් එක "බ්ලැක් ඇමෙරිකන්" වගේ කියලා. මොඩ්ලින් ෆීල්ඩ් එකට ගැළපෙන ෂේප් එකක් මට තියෙනවා කියලා. ඒ නිසා කැමති නම් මොඩ්ලින් ෆීල්ඩ් එකට ජොයින් වෙලා බලන්න කිවුවා.

 

ඊට පස්සේ?

ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කළා. ඔය විදිහට තමයි මොඩ්ලින් ෆීල්ඩ් එකට සම්බන්ධ වුණේ.

 

ඒ අතරේ වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවලටත් සම්බන්ධ වුණා නේද?

නිරූපිකාවක් විදිහට වැඩ කරනකොට කලා කටයුතු කරන කිහිපදෙනෙක්ම අඳුනගන්න ලැබුණා. අජන්ත ඒකනායකගේ මියුසික් වීඩියෝ කිහිපයකටම මම දැනට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරින් "මුහුණු පොතේ" හා "දුර ඈතක සිටියත්" ගීත බොහෝදෙනෙකු අතර ජනප්‍රිය වුණා.

 

නිරූපිකාවක් වුණ එක ගැන සතුටක් තියෙනවාද?

ඇත්තටම, සතුටක් නම් තියෙනවා. ඒත්, ලංකාවේ මොඩල් කෙනෙක්ට අද වටිනාකමක් නැහැ.

 

නිරූපිකාවක් වුණහම ගොඩදෙනෙක් ඇඳුම් පැලඳුම් පිළිබඳව ලොකු අවධානයක් යොමුකරනවා. ඔබත් එහෙමද?

මට ගැළපෙන විදිහට මම විලාසිතා කරනවා. මම ගොඩක් ආසයි අලුත් අලුත් විලාසිතා කරන්න. මොඩල් කෙනෙක් වුණාහම හැමවෙලාවෙම විලාසිතා ගැන අප්ඩේට් වෙන්න ඕන. ඇඳුමක් දිගටද? කොටටද? කියන එක නෙමෙයි ප්‍රශ්නය ඒක තමන්ට ගැළපෙනවා නම් එච්චරයි.

 

අඩනිරුවතින් පෙනී හිටියා කියලා නිරූපිකාවක් වෙන්න පුළුවන්ද?

අඩනිරුවතින් විලාසිතාවලට පෙනී ඉන්නවා කියන එක කාටත් කරන්න බැරි දෙයක්. ලංකාවේ වගේ රටක මේ වගේ අඩ නිරුවතින් විලාසිතාවලට පෙනී ඉන්න නම් ලොකු ආත්ම ශක්තියක් තියෙන්නේ ඕන. මම දන්නවා ඒ ධෛර්යය මට තියෙනවා කියලා.

 

මල්ෂාට නිරූපණ ක්ෂේත්‍රය තුළ උදවු කළ පිරිසකුත් ඇති නේද?

ගොඩදෙනෙක් ඉන්නවා. මුලින්ම මාව තැනකට ගේන්න මට ලොකු සපෝර්ට් එකක් දුන්නෙ නිෂි අක්කා, නාලක අයියා, ෆෝටෝග්‍රැෆර් මිලින්ද අයියා මේ වෙලාවේ මතක් කරනවා. එයාලා තමයි මට මොඩ්ලින් ෆීල්ඩ් එකේ තැනක් හදලා දුන්නේ. ඊට පස්සේ මට ගොඩක් අය උදවු කළා. ඒ හැමෝටම තෑන්ක්ස් කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් විශේෂයෙන්ම මතක් කරනවා. එයා තමයි දැන් මට ගොඩක්ම හෙල්ප් කරන්නේ.

බුද්ධික් සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - මල්ෂාගේ ෆේස්බුක් ගිණුම

 

2016-05-06-ent-21
2016-05-06-ent-24
 



අදහස් (0)

අඩ නිරුවතින් පෙනී ඉන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්නේ ඕන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site