IMG-LOGO

අටේ ලක් මැර කල්ලිය ඉතාලියේදි අල්ලයි

ඉතාලියේ සිසිලි දිවයිනේ මෙස්සිනා  නුවර ක්‍රියාත්මකවූ ශ්‍රී ලාංකික මැර කල්ලියක් පොලිස් අත්අඩංගුවට පත්වූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔවුන් සිටි ස්ථානයේ තිබී පිහි, කිනිසි, යකඩ පොලු, යකඩ දම්වැල් සහ මෝටර් බයිසිකල් සොයාගත් බව එම වාර්තා සඳහන් කරයි. පොලිසිය විශ්වාස කරන්නේ කාලයක් තිස්සේ මෙම කණ්ඩායම විසින් ක්‍රියාත්මක කර ඇති බරපතල අපරාධ සඳහා මෙම ආයුධ පාවිච්චි කරන්නට ඇති බවයි.

අටදෙනෙකුගෙන් යුතු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුයම කාලයේ සිදුකල වැටලීමකිනි.

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගෙන් කප්පම් ගැනීම, මුදල් කොල්ලකෑම,බරපතල ශාරීරික අඩන්තේට්ටම් කිරීම, පහරදීම් සහ කල්ලි ගැසී භීතිය පැතිරවීම මෙම පිරිස වෙත එල්ලවී ඇති චෝදනා බවද එම මාධ්‍ය වාර්තා දක්වා ඇත.

මෙස්සිනා නගරය ආශ්‍රිතව මෙවැනි මැර කල්ලියක් ක්‍රියාත්මක වන බවට ආරංච්වීමෙන් පසුව 2011 දී ඉතාලි පොලිසිය මේ පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. 

පොලිසිය පවසන අන්දමට මෙම කණ්ඩායම සම්බන්ධ නීති විරෝධී ක්‍රියාදාමයන් පිළිබඳව මාධ්‍ය වාර්තාවල  සඳහන්ව ඇත්තේ මෙපරිද්දෙනි.

2011 දී ශ්‍රී ලාංකිකයෙකුට පහරදී ඔහුසතුව තිබු රුපියල් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාලයක් බලහත්කාරයෙන් පැහැරගෙන ඇත.

2012 ඔක්තෝබර් මාසයේදී එම පුද්ගලයාටම නැවත වතාවක් පහරදී ඔහු සතුව තිබු යුරෝ 400 ක්  සහ ඔහුගේ පෞද්ගලික ලියකියවිලි කොල්ල කා ඇත. එම පහරදීමේදී කැඩුන බෝතලයක් පාවිච්චිකර තුවාල සිදුකර ඇතිබවත් පහරදීම් සඳහා යකඩ දම්වැල් සහ බයිසිකල් චේන් පාවිච්චිකළ බව පොලිසියට රපොර්තුකර තිබුණි.

2013 මැයි මාසයේදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ නිවසට කඩා වැදී ඔහුට පහරදී කොල්ලකෑමට පැමිණි මෙම කල්ලියේ දෙදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

දැනට මෙම කල්ලියේ අටදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉදිරියේදී මෙම අපරාධයන්ට සම්බන්ධ සියලුමදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත් ඉතාලි පොලිසිය පවසා ඇත.

මෙම කණ්ඩායම උසාවියට ඉදිරිපත් කිරීමටත් ඔවුන් වෙත එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් නිසි අයුරින් දඬුවම් ලබාදීමටත් පොලිසිය ක්‍රියා කරනු ලබන බවද එම වාර්තාවල සඳහන්වෙයි.

එම මාධ්‍ය වාර්තාව සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කණ්ඩායම වශයෙන් හඳුන්වාදී මේ සමඟ ඇති ඡායාරුපයද පළකර තිබුණි.

ජනගහනය අතින් සිසිලි දුපතේ ඇති නගර අතරින් මෙස්සිනා නුවර පත්වන්නේ තුන්වන තැනටය. එහි සම්පුර්ණ ජනගහනය 2,40,000 පමණ වෙති. සැලකියයුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද සිසිලි දුපතේ ජීවත්වෙති. ඒ හැමදෙනාම ධෛර්ය වන්ත, නීති ගරුක සහ ආචාරශීලී පිරිසක් වෙති. මෙවැනි අපරාධ වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් මුළු ඉතාලියේම ඇත්තේ ඉතාම අතලොස්සක් බව මේ ප්‍රවෘත්තිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලාංකිකයෙක් පැවසීය.කෙසේවුවද මෙවැනි වාර්තා පලවීම නිසා අනෙකුත් ශ්‍රී ලාංකිකයින්හට ඉදිරියේදී ප්‍රශ්න පැනනැගිය හැකිබවද ඔහු කීවේය.



අදහස් (0)

අටේ ලක් මැර කල්ලිය ඉතාලියේදි අල්ලයි

නිෂ් Thursday, 20 February 2014 11:25 AM

ඔය වගේ මැරයින්ගේ ලංකාවේ පුරවැසි බවය නැති කරලා දල ඉතාලියෙන් පිටුවහල කරලා දන්නා ඕනේ, ලෝකේ රටක් ජාතියක් නැති වෙන විදියට. (අ)

:       0       0

කුමාරි Thursday, 20 February 2014 11:39 AM

නිසි දඩුවම් දෙන්න (දිල්)

:       0       0

රංජිත් Thursday, 20 February 2014 11:52 AM

මේකට තමා කියන්නේ බලු වලිගෙ උණ පුරුකේ දැම්මත් කෙලින් වෙන්න නැති බව, (දිල්)

:       0       0

නුවන් Thursday, 20 February 2014 12:41 PM

වෙන්නප්පුව,මීගමුව ගම් වල නම් ලෝක ප්‍රසිද්ද වෙනවා මේ වගේ වැඩ වලින්. (අ)

:       0       0

ප්.ද ගුණවර්ධන Thursday, 20 February 2014 12:42 PM

රට ගියානම් ගිහින් තමන් ගිය කාරිය කරනවා හැර මොනවාද කරන ජරා වැඩ ??? මෙව්ව කරන්නේ අපේ මිනිස්සු විතරයි. ඉන්දීය ,බංගලි සුඩාන් වගේ රටවල්ව මිනිස්සු හරිම විනයක් ඇතිව ගිය රටවල වැඩ කරලා රටේ නමත් රැකගෙන හොඳින් ඉන්නවා. (අ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 20 February 2014 12:44 PM

ටිකක් හුරු පුරුදු මුහුණු කීපයක් තියනවා වගේ. තව විස්තර ලැබුනොත් අපට දන්වන්න. ලංකාදීපයට ස්තුති කරමි. (අ)

:       0       0

හේෂාන් Thursday, 20 February 2014 12:56 PM

මුන්ව මොනව කරන්නද? පව (අ)

:       0       0

රුවන්තක මිලානෝ Thursday, 20 February 2014 01:17 PM

මිලානෝ වල ඉන්න පාතාලයෝ ටිකත් මේ විදියටම අල්ලන්න තියෙන්නේ. (අ)

:       0       0

ජයතිලක Thursday, 20 February 2014 01:30 PM

එක මුණකවත් වැදගත් පෙනුමක් නැහැ.ත්‍රාඩ පෙනුමනම් අඩුවක් නැතුව තියෙනවා.ඉතාලි ජාතිකයන්ට පාට් දාන්න බය ඇති.එහෙම වුනානම් මීට අවුරුදු ගානකට කලින් කට්ටියම ඇතුලට අරින්න තිබුනා. නමුත් කනගාටුවට කරුණ නම් ඉතාලියේ හිර ගෙවල් ඇතුලෙත් සැප වැඩි වීමයි.අරින්න තියෙන්නේ ඉන්දියාවේ හිර ගෙයක් ඇතුලට. පනපිටින්ම අපායට ගිහිල්ලා එන්න කියලා. (අ)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 05:14 PM

මව් රටෙන් දෙන්න පුළුවන් හොඳම ආදර්ශය දීල මේ "දේශප්‍රේමීන්" ඉතාලියට යවල තියෙන නිසා ලංකාවේ "ගෞරවය" රැකෙන බවට කිසිම සැකයක් නැහැ. (දී)

:       0       0

සුජාන් Thursday, 20 February 2014 10:12 PM

පින්තුර පෙන්නේ නැනේ. (අ)

:       0       0

කීර්ති Friday, 21 February 2014 08:51 AM

බොරු කටකතා පතුරන ප්‍රාදේශීය සභාවල කට්ටිය අත්අඩංගුවට ගන්න විදියක් නැද්ද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1714 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 568 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site