මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යයේ "නිකිණි" ලෙස ඔබේ ආලින්දයට ගොඩ වදින අංජු හිමායා මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වී සිටින්නීය. මෙම සිනමා නිර්මාණයේදී අංජු "වැදි තරුණියක"ගේ චරිතයකට පණ පෙවීම විශේෂත්වයකි. මේ දිනවල එම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධව සිටින ඇය ඒ පිළිබඳව "සාරවිට" අපහට මෙලෙස පැවසිය.
"ගයාන් චානක මුහන්දිරම් විසින් අධ්‍යක්ෂණය කරන "සාම" චිත්‍රපටයේ තමයි මේ දවස්වල මම වැඩ කරන්නේ. පන්සිය පනස් ජාතක කතාවලින් එක් කතාංගයක් අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙහි ප්‍රධාන කාන්තා චරිතය තමයි මම නිරූපණය කරන්නේ. වැදි තරුණියකගේ චරිතයක් විදිහට මම රඟපාන චරිතය දිග හැරුණත් චිත්‍රපටයේ බොහෝ දර්ශනවල මම වැදි තරුණිය විදිහට නිරූපණය කරන්නෙ නැහැ. චිත්‍රපටය මැද භාගය වෙන කොට ඇය ධර්මය අවබෝධ කරගෙන සිල්වත් උපාසිකාවක් වෙනවා. ඇත්තටම, මේ චරිතය කරන්න මම ලොකු කැපවීමක් කළා. රූපගත කිරීම් කටයුතු සිදු කරන කාලෙදී මම මස් මාංසවලින් පවා තොර වුණා. ගොඩක්ම ඒ චරිතයට පේ වෙන්න ඕන නිසා. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු කළෙ නුවර, දීගන ප්‍රදේශ ආශ්‍රිත කැලෑ ප්‍රදේශවල තමයි රූපගත කිරීම් කළේ. ඒ ප්‍රදේශ තරමක් දුෂ්කර නිසා ඒක ලොකු අභියෝගයක් වුණා. මේ චිත්‍රපටයට එකතු වෙන්න කියලා මට කතා කළේ චිත්‍රපට නිෂ්පාදක උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. අපි කිහිප වරක් කලා කටයුතුවලදී එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. නමුත්, කුමන හෝ හේතුවක් මත ඒ අවස්ථා අහිමි වුණා. නමුත් "සාම" චිත්‍රපටය හරහා ඔහුත් මාත් එකට වැඩ කරනවා."
බුද්ධික සේනාධීර / ඡායාරූප - අංජුගේ ෆේස්බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංජු හිමායා වැද්දියකට අඳියි