(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුනට අද (05) පත්වූ බව අගමැති කාර්යාලය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අද පැවැති අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2021/2022 වර්ෂය සඳහා එහි අධිපතිවරුන්ගේ මුලසුනට පත්විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිධූරය දරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති වාර්ෂික මහ සභාවට සහභාගි විය.
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ, ජවිපෙ හිතවාදීන්ගේ තර්ක අනුව මේ තනතුර අල්ලස් දීලා ගත්ත එකක් වෙන්න බැරිද?
ADB එකට බුදු සරණයි
මෙන්න මෙිවට තමයි කියන්නෙ, සුදුස්සාට සුදුසු තැන දෙනවා කියලා.හැබැයි මෙතුමාටත් වඩා ඔතනට සුදුසුකම පුද්ගලයො ඉනනවා
මෙය එතරම් වැදගත් දෙයක් නොවෙයි.ඕනෑම සැසියක් පවත්වන විට එහිදී මීළඟ වසර සඳහා සභාපති වරයෙක් ,ලේකම් වරයෙක් ,.....ලෙස ඒ සැසියට සහභාගිවන රටවල් වලින් නියෝජිතයින් පත්කරගන්නවා. අපේ රටේ බයියෝ මෙය වැරදි විදිහට තේරුම් ගන්න පුළුවනි...ඒ නිසා මේ කියන්නේ බයියනේ මේ " ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති " නොවේ.
ඒකත් හින්දල තමයි පස්ස බලන්නේ අප්පොච්චා
ඔහු තමයි අසාර්ථකම මුදල් අමාත්‍යවරයා ආසියාවේම
එකත් ඉවරයි වගේ බංකොලොත් කරලා දායි
ආසියානු සංවර්ධන බැංකුවට සියලුම දෙවියන්ගේ පිහිටයි..... නියමෙට දෙයි වැඩේ....
ඒකේත් අවසානය.
ආසියානු සංවර්ධන බැංකුවට අබ සරණයි......
මෙයාත් රවී වගේ ආසියාවේ හොඳම මුදල් ඇමැති කෙනෙක් වෙයි
යුද්දෙන් රට බේරාගන්න දේශපාලන නායකත්වය මෙතුමාට දුන්නා. ඊට පස්සේ රට විනාශ කලා වංචාව දුෂණය පවුල් පාලනය අයථා මුදල් ගනුදෙනු නීතියට අතපෙවිම වගේ ප්‍රශ්න ගොන්නක්
හපෝයී.....
හෙල්පින් හම්බන්තොට මතක් වුණා. දෙන්න සුදුසුකම් ඇති කෙනෙක් නැද්ද මන්දා?
පවුලේ අනිත් කට්ටියවත් එහෙ තනතරු වලට පත්කරගන්න. එතකොට තවත් ලේසියි.