(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුනට අද (05) පත්වූ බව අගමැති කාර්යාලය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අද පැවැති අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2021/2022 වර්ෂය සඳහා එහි අධිපතිවරුන්ගේ මුලසුනට පත්විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිධූරය දරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති වාර්ෂික මහ සභාවට සහභාගි විය.
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.